
(ටී.කේ.ජී.කපිල )
රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(29 ) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඒවා ඉන්දියාවේ මුම්බායි නුවර වෙත ගෙනැවිත් , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරණ ගුවන් යානයෙන් අද උදෑසන 07.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන අතර බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වේ . අනෙක් දෙදෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් දෙමටගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇසුරුම් 20 ක් තුළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 684 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 18
667
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කුෂ්‘ සමඟ හතරක් ගුවන්තොටේදී මාට්ටු