(අංජුල මහික වීරරත්න)
කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන් කරන චෝදනා අසාධාරණ නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
කරුණු මෙසේ වුණත් කාබනික වගා වැඩසටහන රටටත් ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා තමා ඉදිරියටත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
මෙවැන්නන්ගේ දේශපාලන ගමන් වලට බාධක පැනවීම බුද්ධිමත් පුරවැසියාගේ සහ මාධ්‍යකරුවාගේ වගකීමකි.
රටට කරපු විනාශයට දරුවන්ටත් හෙනගහනවා. බැලුවේ තමුන්ගේ කොමිෂන් විතරයි. කරපු එක වැඩක් කියන්න සතයක්වත් කොමිෂන් නොගෙන. ඔබ ගැන අපට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...
දේශපාලන ගමන නෙවෙයි, තමනුත් ඉතා ඉක්මණින්ම විනාශ වෙනවා නොඅනුමානයි.
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට එව්ව මහනුවර දිස්ත්‍රික්ක මිනිස්සුත් මේවාට වගකිව යුතුයි. අමතරව චෝදනා ලැබූවෙක්...
හානේ, ඒක තමයි අපිටත් දුක.. රටට කරපු විනාශය ගැන නෙමෙයි... හුස්ම යන අවසාන මොහොතේත් තමන් ගැනම විතරයි.
"ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවලු‘‘ දැන් කරලා තියෙන හරිය මදැයි... තවත් බංකොළොත් කරන්නේ නැතිව තොලොංචි වෙලා යන්න.
රටත්, පක්‍ෂයත් කෑවා...!
ඔයාගේ දේශපාලන ගමන කොහොම වුණත්, ඔයා දුප්පත් ගොවීන්ගේ අනාගතයත් විනාශ කළා. ඔයාගේ දේශපාලන ගමන විනාශ වුණේ කියලා කියන්නේ ඊළඟ පරාජයයි.
කාලකණ්ණි වැඩ තමයි කරන්නේ... නාවලපිටිය මිනිස්සුන්ගේ ඔලුව කෑවා.
අගමැති සිහිනේ බොද වුණාට මොකද? කොමිස් එක හැටියට ලැබුණා නම්...!
වාචාලකමයි, පණ්ඩිත කමයි, බොරු කීමේ හැකියාවයි තිබූ පලියට මේ වගේ ඇමැතිකම් කරන්න හැකිනම් පහුගිය කාලේ වූ දේවල් සහ කියූ දේවල් සමග මේ රට සුරපුරයක් වෙන්න ඕනෑ. තමුන්ගේ ඉවර වුනේ දේශපාලන ජීවිතේ. මේ යන විදියට රට්ටුන්ගේ ඉවර වෙන්නේ ජීවිත...
මෙයාගේ මේ නොහැකියාව මේ කාගේ පිටින්ද දාන්න හදන්නේ...?
කරන්න දෙයක් නැහැ මහත්තයෝ, කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ ඔබතුමන්ලාගේ අවසාන කාලය ළඟා වුණාම ඔය වැනි දේවල් රටේ ජනතාව අතර පිළිකුලක් ඇතිවෙනවා. නමුත් රටේ අවාසනාවද, අපේ අවාසනාවද දන්නේ නැහැ. රටේ මිනිස්සු තාමත් වහල් බවින් මිදිලා නැහැ...
දමලා තියෙන කමෙන්ට්ස් බැලුවාම අද හෙටම දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් එංගලන්තයේ ගෙදර පදිංචියට යන එක නුවණට හුරුයි.. නැතිනම් තව මාස 2-3 කින් කන්න නැතිව ප්‍රකෝපයට පත්වන ජනතාව විසින් ඔබට වටකොට පහර දෙනු ඇත.
ඒකනේ... ඉක්මණට හම්බ කරන්න ගිහින් වැඩේ අනාගත්තා නේද? අර කෝච්චියේ රස්සාව කරගෙන හිටියානම් කිසිඅවුලක් නෑනේ... හොඳට හම්බකරගෙන සැපෙන් ජීවත්වෙන්න තිබුණා. ඒ බඩු දැන් හරි ගණන්...
විනාශ වුණු ලක්ෂ ගණනක් ගොවි පවුල් ගැන කවුද වගකියන්නේ...? මෙයාට උතුරන්න සල්ලි...!
රටේ කෘෂිකර්මාන්තය වනසලාම දැම්මා.
ජනතාව ඉස්සරහ බොරුවට අඬන්න එපා. ඔය කතාව නන්දසේනට කියන්න. තියෙන ගොන්කමට කිසිම පරීක්ශණයක්, නිරීක්ෂණයක් නොකර පෝර නැවැත්තුවා. මොකද කාබනික අසූචි පෝර චීනෙන් ගෙනැවිත් ගහන්න පුලුවන් කොමිස් කුට්ටියට කෑදර වෙලා. ගොවියන්ගේ සාපය ඔබට වැදෙනවාමයි...
දෙවියෝ බලලා.. මේ වෙච්චි දේ මොනතරම් හොඳ දෙයක්ද? දැන්වත් රටට වැඩක් ඇති දෙයක් කරලා ජීවත් වෙන්න බලන්න.
තමාට විනාශය ගැන දුක්වෙනවා. රටට වුණු විනාශය මෙයාගේ දේශපාලන ගමන වගේද? මේ වගේ ගොන් තකතීරු තීරණ ගන්නා අයව දේශපාලනයෙන් අතුගාලාම දාන්න ඕනේ...
මීළඟට එන රජයක් යටතේ අනිවාර්යයෙන්ම හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.
අපේ විදුහලේ නාමය කැත වුනා
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන දැඩි ලෙස කණගාටුයි
අවුරුදු 32 ක් තිස්සේ දේශපාලනෙන් ගසාකාපුවා ඇතිනේ පරම්පරා ගාණකට ඇති වෙන්ඩ
තව අන්දන්න හේතු හොයනවද?
මෙයාව සභාවට යවපු යට දැන් සනීප ඇති.
ඔබලා අහිංසක ගොවීන් සමඟ සෙල්ලම් කළ නිසා රජය ඉල්ලා අස්විය යුතුයි!
මොන පිස්සුද ලබන චන්දෙනුත් මෙයා එනවා.
එහෙම සිත් තැවුල් එන්නෙ ආත්මයක් ගැන විශ්වාසයක් ඇති අයට. ආගමික ස්ථානවලට ගියාට මේ මිනිස් ආත්මය තුල ඕනෑම බොරුවක්, වංචාවක් කරන්න හැකි කෙනා තුළ පසුතැවිලි ඇති වෙන්නෙ නෑ.
සාමදානයේ සැතපෙන්න!