IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ෆුල් ෆේස් හෙල්මට් ගැන නව රෙගුලාසි‘

යතුරුපැදිකරුවන්ට සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම සම්බන්ධයෙන් වන  නව රෙගුලාසි  හඳුන්වා දීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා අද (01) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

 සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබු නඩු තුනක් අද විභාගයට ගත් අවස්ථාවේදී  නීතිපතිවරයා මේ බව අධිකරණයට දැන්වීය.

එම ඉල්ලීම සලකා බැලූ  අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා  ෆුල්ෆේස් හෙල්මට් භාවිතය වැළැක්වීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව අධිකරණය පැනවු අතුරු  නියෝගය පෙබරවාරි 11 වන දින දක්වා අදාළ  දීර්ඝ කිරීමට  නියෝග කළේය .පෙත්සම ලබන පෙබරවාරි 10වැනිදා කැඳවීමට නියමිතය.



අදහස් (0)

‘ෆුල් ෆේස් හෙල්මට් ගැන නව රෙගුලාසි‘

රොෂාන් Tuesday, 01 December 2015 02:41 PM

ඔය තහනම ඉවත්කරන එක ගොඩක් හොඳයි (නි)

:       0       0

ගස්පේ Tuesday, 01 December 2015 03:51 PM

පොලීසිවල ඉන්න අයට කියන්ඩ තියෙන්නේ, ඕක දීපන් ළමයෙකුට කියලයි. (බ)

:       0       0

හේමන්ත Wednesday, 02 December 2015 01:13 AM

ෆුල් ෆේස් හෙල්මට් පැළඳීම යතුරුපැදියේ යන අවස්ථාවට පමණක් සීමාකර බිමට බැස්ස වහාම ගළවන්න නීති හදන්න. හෙලමට් පැළඳ බැංකු සහ ආයතන වලට ඇතුළුවන අයට බලය පාවිච්චි කර අත්අඩංගුවට ගන්න හැකි නීති හදන්න. රන් බඩු ගන්න, පොළේ ඇවිදින්න, බැංකුවට යන්න හෙල්මට් මොනවටද? (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 02 December 2015 02:16 AM

හේමන්ත කියන විදිහට නිතිය කඩනවද බලන්න හැම බැංකුවකම, රන් බඩු හලකම පොලිසියෙන් හතර පස් දෙනෙක් දාන්න වෙයි. (නි)

:       0       0

රසිකා Wednesday, 02 December 2015 02:34 AM

මේවා නැතිකරන්න නම් එපා (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 03:20 AM

ලංකාවේ සිදුවුණා යැයි කියන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කළේ ෆුල්ෆේස් හෙල්මට් පැළදගෙන ඇවිල්ලාද? නිකම් ලෝකය හිනස්සන්න එපා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 December 2015 03:49 AM

ගස්පේ.ඔබගේ අදහසම තමයි සමස්ත ජනතාවටම කියන්න තියෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site