IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ළිං පතුළට වැටුණු අය ගොඩගනිද්දී තවත් අයෙක් එක්ක ආයෙත් වැටිලා

(ප්‍රසන්න පත්මසිරි)

රිදීමාලියද්ද කණුගොල්ල  ගම්මානයේ පානීය ළිදක් කපා අද (8) ළිං වළලු සවිකරමින් සිටි පුද්ගලකු අඩි 35ක් පමණ ගැඹුරු හා අඩි හතරක් වට ප්‍රමාණ ළිදකට වැටී පස් ගල් වලින් වැසී සිරවී සිටියදි පැය පහක පමණ කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු  නිරුපද්‍රිතව මුදවාගෙන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

රිදීමාලියදදේ  කණුගොල්ල  ගම්මානයේ පදිංචි ඊ.ඒ.එම්  සුසිල් ප්‍රේමරත්න (50) යන අය ළිදට වැටී මෙසේ අනතුරට ලක්ව තිබේ.

ගම්මානයේ ගෙවත්තක දින කිහිපයක් තිස්සේ තිදෙනෙකු කුළියට ළිදක් කපා අද දින දවල් එයට ළිං වළලු සිවිකරමින් සිටියදි  එක් පුද්ගලයෙකුගේ පය ළිස්සා ළිං පතුලට වැටෙනවාත් සමග ළිදේ දෙපස බිත්තියේ තිබු ගල් හා පස් වලින් ඔහු වැසී තිබේ.එම අවස්ථාවේදීම අනෙක් දෙදෙනා ළිදට බැස ක්ෂණිකව ගල් හා පස් ඉවත්කර අනතුරට ලක්ව සිටි පුද්ගලයාගේ හිස නිරාවරණය කරගෙන තිබේන බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදි එතනට පැමිණි ප්‍රදේශවාසීන් මහත් පරිශමයක් දරා ළිං පතුලේ  සිරවී සිටි පුද්ගලයා  ක්‍රමක් ක්‍රමයෙන් ගොඩට ගනිද්දි   තවත් අයෙකු සමග නැවතත් ළිං පතුලට වැටී පස් කන්දකින් දෙදෙනාම වැසී ගොස් තිබෙන බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදි ක්‍රියාත්මක වු විශාල පිරිසක් ක්ෂණිකව දෙවනුවට වැටුන පුද්ගලයා ගොඩට ගෙන තිබුනත් ප්‍රථමයෙන් වැටුන අය ගොඩට ගැනීමට පැය පහක පමණ  කාලයක් තිස්සේ  මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගැනීමට සමත්විය.

ළිං පතුලේ සිරවී සිටි පුද්ගලයාගේ හිස ගල් හා පස් වලට යටවී  සුළු මොහොතකින් නිරාවරණය කරගැනීමට අවට සිටි පිරිස් කටයුතු කළ නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවු  බව පොලිසිය කියයි.

ළිං පතුලේ  සිරවී සිටීමෙන්  ශරීරය පුරා තුවාල සිදුවී අසාධ්‍ය තත්වයේ සිටි පුද්ගලයා බිබිල මුලික රෝහලට ඇතුලත් කර තිබෙන බවත් ජීවිත අවදානමක් නොමැති බවත් පොලිසිය කියයි.

රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී වීරකොන් මහතා ඇතුලු නිළධාරීන්,රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ නිළධාරීන්,යුධ හමුදාව සහ ප්‍රදේශවාසීහු එක්ව ළිං පතුලේ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනා මුදාගැනීමට කටයුතු කළහ.
 

 



අදහස් (1)

ළිං පතුළට වැටුණු අය ගොඩගනිද්දී තවත් අයෙක් එක්ක ආයෙත් වැටිලා

Perera Friday, 09 September 2022 10:42 AM

ලංකාවාසී සියලුම දෙනාව දේශපාලුවො තල්ලු කරල දාල තියෙන්නෙත් මෙ වගෙ ගැඹරු ලිදකට.උන් ගොඩ, ජනතාව ලිදේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site