
(අංජුල මහික විරරත්න)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය වෙත මාස 6ක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලැබූ ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත 2024-11-02 දින සිට විශ්‍රාම ගෙන ඇත.
මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ (පරිපාලන හා මානව සම්පත්) සහ අධ්‍යක්ෂ (මූල්‍ය) වැනි ඉහළ කළමනාකාරිත්ව තනතුරු ගණනාවක් පුරප්පාඩුව පවතී.
එම තත්ත්වය යටතේ එම අධිකාරියේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය මාස 6 ක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම පිණිස කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා ආරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දිගු කරයි