IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ළමයි සම්බන්ධ නඩුවලදී සාක්ෂි වීඩියෝ තාක්ෂණයෙන්

(නිමන්ති රණසිංහ සහ විමුක්ති එස් රුද්‍රිගු)

අපරාධවලට ගොඳුරු වූ දරුවන් අධිකරණවලට නොගෙන්වා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සදහා ‘ළමා සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක්” අද (01) රාගම පොලිසියේ ‘ළමා පියසේදී’ විවෘත කෙරිණී.

ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ මෙම වැඩසටහන මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ළමා අයිතීන් තහවුරු කිරිම සදහා ළමුන් සම්බන්ධ නඩුවලදී පුද්ගල සාක්ෂි වෙනුවෙනට විද්‍යාත්මක සාක්ෂිවලට මුල්තැන ලබා දෙමින් 1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) මගින් ළමුන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙම ඒකකය මගින් සිදුකෙරුණු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ළමා ආරක්ෂණ අධිකාරියේ පමණක් තිබූ මෙම සාක්ෂි පටිගත කිරීමේ ක්‍රමවේදය මින් ඉදිරියට දිවයිනේ සෙසු පළාත්වලට ද ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

මේ අනුව ඉදිරියේ ’ධධඵ තාක්ෂණය ඔස්සේ වින්දිත දරුවා අධිකරණයට නොගොස් සාක්ෂි ලබාදීම සිදු කිරීමට නියමිතව ඇති අතර කොළඹ මෙට්රෝපොලිටන් රොටරි සමාජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධණ වැඩසටහන මේ සදහා දායකත්වය ලබා දී ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

මෙම උත්සව අවස්ථාව සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්යය මුදිත විදානපතිරන, අපරාධ හා රථවාහන ජේෂ්ඨ නියෝජ්යය පොලිස්පති අජිත් රෝහණ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ යන මහත්ම මහත්මීන් රැසක්ද සහභාගී විය.



අදහස් (1)

ළමයි සම්බන්ධ නඩුවලදී සාක්ෂි වීඩියෝ තාක්ෂණයෙන්

ganegoda Friday, 01 October 2021 03:38 PM

ලොකු ලොක්කෝ ළමා අපචාරවලට වගකිව යුතු රටක..., මේ දරුවන්ගේ ශාක්ෂි විකුර්ථි කිරීමට සොයාගත්ත උපායක්....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 225 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16047 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site