IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ළදරු කළලය ගබ්සා කළ මව රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

සති 7 කට වැඩි ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ  පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ලවා විනාශ කරවාගත් බව කියන දෙමටගොඩ ප්‍රදේශයේ එක් දරු මවක් ලබන  26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද  (17) නියෝග කළාය. 

දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .

සැකකාර කාන්තාවගේ සැමියා වන  සිසිර සම්පත් නමැති අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල ගබ්සාව සිදු කළ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  කියා සිටියේ සැකකාර කාන්තාව නොවැම්බර් මස 12 වැනි දින මෙම ගබ්සාව කරගෙන ඇති බවය.

සැකකාරීය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මහින්ද මහතා කරුණු දක්වමින් කියා සිටියේ  වෛද්‍ය උපදෙස් මත රුපියල් 37500 මුදලකට මෙම සැත්කම කළ බවය.

දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින්  ගබ්සාව සිදු කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමයපියවර ගන්නා ලෙසද දෙමටගොඩ පොලිසියට  නියෝග කළාය 

 

 



අදහස් (0)

ළදරු කළලය ගබ්සා කළ මව රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site