වියට්නාම් ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයකු මෙන්ම වියට්නාම හිටපු ජනපති ‘හෝ චී මිං’ සමරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විශේෂ සැමැරුම් මුද්දරයක් කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද නිකුත් කළේය.
තම රටේ නිදහස හා ස්වාධිනත්වය වෙනුවෙන් බටහිර රටවල් සමඟ එඩිතරව සටන් කොට ජයග්‍රහණ ලබා ගැනීම නිසා හෝ චි මිං ලෝක ප්‍රසිද්ධ විය.
තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් සැමැරුම් මුද්දරය සහිත පළමු මුල් දින කවරය එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වු මෙරට වියට්නාම තානාපති ටොන් සින්හ් තාන්හ් මහතා වෙත පිළිගැන්විණි.
වාමාංශික දේශපාලනයේ නියමුවන් මෙන්ම අමාත්‍යවරුන් වන ඩීව් ගුණසේකර,මහාචාර්ය තිස්ස විතාරණ,වාසුදේව නානයක්කාර,ඒ එච් එම් ෆවුසි යන මහත්වරු ද තැපැල්පති රෝහණ අභයරත්න මහතා ද මේ අවස්ථාවට එක් වුහ.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හෝ චි මිං‘ සමරු මුද්දරයක්
ඉලුක්පිටියේ පන්නසේකර හිමි Tuesday, 29 April 2014 09:53 AM
වැදගත් දෙයක්. (ස)
සිල්වා Monday, 28 April 2014 09:30 PM
මම නම් පෞද්ගලිකව මේ මුද්දරයට කැමති නැහැ (නි)
ලයනල් Tuesday, 29 April 2014 05:28 AM
ලෝක නායකයින්ට ගරු කිරීමක් වශයෙන් (දී)
සුනෙත් Monday, 28 April 2014 06:06 PM
සුනෙත්,අපි ඉතින් මුද්දර අලවන්නේ මුද්දරේ පිටුපස කෙළ ගාලානේ. වැරැද්දකට නොවෙයි එහෙම කරන්නේ. අපේ කැත පුරුද්දක් දිව දික්කරන එක. (නි)