IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොර පාරෙන් මෙරටට ගෙන ආ විසිතුරු පැළ අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

රුපියල් ලක්ෂ හතක් වටිනා විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යනයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇන්තූරියම් , ඇලොකේෂියා සහ මොන්ස්ටෙරා ශාක පදුරු 80 කට අධික ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී  රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර ඇති නවීනතම ස්කෑන් යන්ත්‍ර භාවිතා කරමින්  මෙම අත් අඩංගුවට ගැනිම තිබුණි .

මෙම විසිතුරු පැළ තොගය මෙරටට ආනයනය කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍ර නොතිබුණු අතර ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත සහ ශාක නීරෝධායන පනතේ විධ්විධාන ද උල්ලංඝනය කරමින් සිදු කර තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



අදහස් (1)

හොර පාරෙන් මෙරටට ගෙන ආ විසිතුරු පැළ අත්අඩංගුවට

හසක Wednesday, 24 December 2025 04:45 PM

නවීනතම ස්කෑන් යන්ත්‍ර භාවිතාකරලා රස්සාවට ගිහින් මාස තුනෙන් තට්ටු තුනේ ගෙවල් හදපු, හදන හොරු රැල අල්ලන්න බැරුව ඇති...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 483 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site