IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


හොඳ ව්‍යවසායකයන් බිහිකරන ’’පිරිපුන්’’ වැඩක්

(සුජිත් හේවාජුලිගේ)

පිරිපුන් සංවිධානය ජාතික පරිවර්තනයක් අරමුණු කරගනිමින් බිම් මට්ටමින්  නව ව්‍යවසායකයන් බිහි කිරීමේ අලුත්ම වැඩපිළිවෙලක්  ආරම්භ කර ඇත.

බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම මෙහි පළමු අදියර බව පිරිපුන් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ මහතා කොළඹදී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  පැවසීය.

මේ අනුව පිරිපුන් සංවිධානය  රට පුරා තෝරාගත් ගෘහණියන්ට කුඩා ව්‍යාපාර ස්ථාන (පෙට්ටි - කඩ) 1,000ක් පළමු වටය යටතේ ලබාදීමට කටයුතු කෙරේ.   එමඟින් ඔවුන්ට තමන්ගේම ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ  ප්‍රස්ථාව සැලසෙන බව  දේවසිංහ මහතා ප්‍රකාශ කළේය.

කාන්තාවන්ට   ව්‍යාපාර සඳහා සූදානම් වීම සඳහා ආකල්පමය පුහුණුවක්ද  මෙමගින්  ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව එම පිරිස්  ශක්තිමත් ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා   ව්‍යුහගත වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනෙන බවත්  හෙතෙම කීවේය.

පිරිපුන් සංවිධානය පිහිටවනු ලැබ ඇත්තේ පවතින පාලනය පිළිගන්නා ගමන් ඉන්  ඔබ්බට යන  යහපාලනයක් ඇති කිරීම මූලික   අරමුණු කර ගනිමිනැයිද  ආනන්ද දේවසිංහ මහතා වැඩිදුරටත්  පැවසීය.



අදහස් (0)

හොඳ ව්‍යවසායකයන් බිහිකරන ’’පිරිපුන්’’ වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14961 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9910 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site