IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ඉඩම් ආරවුලට හිමි නම මරා දමයි

(ගයාන් සූරියආරච්චි, තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් අපවත් වූයේ කලපලුවාවේ  ධම්මරතන නැමැති (45) හිමිනමක බව පොලිසිය කියයි.

අපවත්වූ හිමිනම හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කර ඇති අතර එම විහාරස්ථානයේ කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මත මෙම හිමිනම මල්වතුහිරිපිටිය විහාරස්ථානයට පැමිණ දානය වළඳා නැවත හේනේගම විහාරස්ථානයට වැඩම කරන බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සිද්ධිය වූ අද (23) මෙම හිමිනම දහවල් 12.15 ට පමණ විහාරස්ථානයේ දානය වළඳමින් සිටින අවස්ථාවේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා හිමිනම සතුව මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමට පැමිණි බව පවසා ඇත. පසුව හිමිනම පරීක්ෂා කරන මුවාවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇත බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

(ඡායාරූප: සුදත් පුබුදු කීර්ති)

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (25)

ඉඩම් ආරවුලට හිමි නම මරා දමයි

ලුම්බිණි Tuesday, 23 January 2024 01:26 PM

අයියෝ යුක්තිය?

:       49       112

kamalTuesday, 23 January 2024 03:52 PM

ලුම්බිණි, මේක "යුක්තිය" නොවේ. මෙය පාතාල මැරයින්ගේ වැඩක්. යුක්තිය මෙහෙයුමේ අරමුණ මත් ද්‍රව්‍ය තුරන් කිරීම. ඒක වැරැදි වැඩක්ද?

:       102       109

fairoos Tuesday, 23 January 2024 02:07 PM

පාතාලය මදින්න වැඩ පිළිවෙලක් නැහැ නේ මේ කාලකන්නි පොලිසියට

:       18       138

චන්දන Tuesday, 23 January 2024 02:07 PM

ලංකාව පුරා චිකාගේවටත් වඩා වැඩියෙන් ගිනි අවි තියෙනවා . මේ පිළිබඳව දේශපාලකයන් හොඳින් දන්නව. කුඩු නෙවෙයි අල්ලන්න ඕන. මෙන්න මේ ගිනි අවි. කොටි අතේතිබුණ අවි විශාල වශයෙන් දේශපාලකයන් ඇතුළු වෙනත් පාතාලයන් හරහා රට පුරා ගිහින් තියෙනව. මේන්නමේවයි ුඅල්ලන්න ඕන.

:       3       147

පැරකුම් Tuesday, 23 January 2024 02:33 PM

චන්දන ඉතාමත් නිවැරැදියි. ගිනි අවි නැති පාතාලයක් කොහෙන්ද? අනවසර ගිනිඅවි දරන්නන්ට මරණ දඬුවම දිය හැකි පරිදි නීති සැකසිය යුතුයි. එදාට ඔය යුක්තිය මෙහෙයුම් අවශ්‍ය නොවනු ඇත. ඒත් අපේ පොලිසියට කිසිදා එය කළ නොහැක. කිරීමට ඉඩ නොලැබෙන බව ඉතා පැහැදිලියි...

:       2       105

Vidyarathna Tuesday, 23 January 2024 03:13 PM

ඔයා රටට බරක්වන අයට දිගටම වැඩ වරදියි...!

:       3       25

අරවින්ද මොනරවිල Tuesday, 23 January 2024 03:50 PM

දේශපාලන හා පෞද්ගලික ආරවුලක් දෙකම එකට විසඳාගන්න තත්වයක් රටේ ඇතිවෙලා තියෙනවා. මේ දේශබන්දු ටිරාන් හවුලේ වැඩනිසා...

:       10       66

සමන් විමල් Tuesday, 23 January 2024 06:35 PM

මොනරු රඟනවිට වහන්න ඕනෑ තැන් එළියට එනවා.

:       2       18

Ranpatabendi Mudiyanselage Dharmasena Tuesday, 23 January 2024 04:18 PM

පන්සල්වලත් ඉඩම් ආරාවුල් තියෙනවද? අපරාදේ... සියලු ලෞකික සැප අත හැරපු හාමුදුරුවෝ...!

:       27       48

ajith Tuesday, 23 January 2024 04:21 PM

සමහරුන්ට අද හරියට වැසිකිළියට යන්න බැරි වුණත්, ඒකට හේතුව "යුක්තිය" කියලයි හිතන් ඉන්නේ...!

:       39       57

බද්රානි Tuesday, 23 January 2024 04:49 PM

මේ ඝාතනය, සංඝ පාතාල කල්ලියක වැඩක් වෙන්න ඇති... ?

:       30       35

Christopher Tuesday, 23 January 2024 04:53 PM

හාමුදුරුවන්ට මොකටද ඉඩම්? සසර කලකිරිලා නෙවෙයිද මෙහෙම වෙන්නේ?

:       33       39

JayasekaraWednesday, 24 January 2024 09:48 AM

සහතික ඇත්ත... මෙ සිද්ධිය මොකද්ද කියල හරියට දන්නෙ නැහැ

:       1       4

Gayan Tuesday, 23 January 2024 05:31 PM

පොලිසිය මේ ආකාරයට සිවිල්පිට පැමිණ කරනු ලබන රාජකාරි කටයුතු සීමා කළ යුතුයි. හොඳම උදාහරණය ගිය සතියේ ලොරි රියැදුරු ඝාතනය කිරීම...!

:       0       1

lalith perera Tuesday, 23 January 2024 06:21 PM

යුද්ධයක් නිමාකරපු ආරක්ෂක සේනාවට පාතාලය මඩින්න බැහැ... සමහර සමහර දේශපාලකයොයි, පාතාලයයි එකම ටීම් එකක්, ඒකයි මෙය පාලනය කිරීමට නොහැකි...!

:       6       53

මහේෂ් Tuesday, 23 January 2024 06:53 PM

සියළු විහාරස්ථානවල දේපොළ රජය සතු කළ යුතුයි. ආදායම්, වියදම් විගණනය කළ යුතුයි..

:       2       2

Rata Perata Tuesday, 23 January 2024 06:58 PM

මේවාට පොලිසියේ සම්බන්ධකම් තියෙනවා. දේශබන්දුගේ අතීතයත් අපට අමතක නෑ. ඒ වගේම ටිරාන් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලත් හැමෝම දන්නවා. එක දෙයක් නම් ශුවර්... මොවුන් රට නැති කරලාම දානවා.

:       0       2

Ratne Tuesday, 23 January 2024 07:43 PM

සිද්ධාලේප බන්ධුගේ යුක්තිය...

:       0       2

Nuwan Tuesday, 23 January 2024 08:09 PM

යුක්තිය?. බීඩි.. බුලත් විට තහනම්... ටී පනස් හය.. මිනී මැරුම් අවුලක් නෑ.

:       1       2

නිහාල් Tuesday, 23 January 2024 09:54 PM

කලබල නැතුව ඉන්නවලා. රට අනතුරේ. ඉන් රට ගලවා ගන්න හෙට අනිද්දාට නාමල් එනවා. එයාගේ දෑත් ශක්තිමත් කළා නම් මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන්...!

:       1       0

Sumith Tuesday, 23 January 2024 10:42 PM

සියල්ල හැරදා යා යුතුයි... මහණ වෙන්නේ සියල්ල අත් හරින්න... නමුත් අවාසනාවකට වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත හාමුදුරුවෝ ඉඩමේ ආසාව අතහැරියා නම් අදත් පණපිටින් සිද්දාර්ථ රඡතුමා සක්විති රඡකම අත්හැරලා මහණ වුණා...!

:       1       2

රංජන් Tuesday, 23 January 2024 10:49 PM

මේක මේ පොලිසියේ වැඩක් වෙන්න පුළුවන්... පාතාලයේ අය ආවා නම්..., පුළුවන් නම් වෙඩි තියන්න කියනකන් වෙඩි නොතියා ඉන්නේ නැහැ. ඔවුන් ආවා වෙඩි තිබ්බා ගියා... මෙතැන වෙලා තියෙන්නේ වෙනම දෙයක්...!

:       0       1

සෙනු Wednesday, 24 January 2024 07:49 AM

යුක්තියක් තියේ නම් මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය අනුව විනය ක්‍රියාමාර්ග ගන්නකො පොලිස්පති ගැන. නිකම් ඩ්‍රාමා විතරයි .

:       0       5

sumanasiri Wednesday, 24 January 2024 07:51 AM

යුක්තියේ කොටසක් පතාලය මැඩීම,මත් ද්‍රව්‍ය යනු පාතාල නමැති ගසේ පොත්ත

:       0       3

nalin Wednesday, 24 January 2024 08:10 AM

ඇවිල්ල තියෙන්නෙ කුඩු චෙක් කරන්න කියල, ආවට පස්සෙ වෙඩි තියල තියෙනව .සමහරවිට වෙඩි වැදුනද දන්නෙ නෑ, තාම අපරාද කාරයෙ අල්ලලාවත් නැතිව කොහොමද කියන්නෙ මේක ඉඩම් ආරවුලට වෙච්ච වැඩක් කියල. සමහර විට මේක ඇත්තටම පොලීසියෙන් කරපු එකක්ද නැදද කියල කොහොමද කියන්නෙ. මොකද නාරම්මල සිද්දියත් මේ විදියට කියන්න තිබ්බනෙ සෝශල් මීඩියා තිබ්බෙ නැත්තම්

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 99 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 641 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 772 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1379 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 662 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 204 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 494 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site