(ඩයනා උදයංගනී)
හෙළ හවුල නියෝජනය කරමින් ජීවතුන් අතර සිටි අවසන් පුරුක වූ මෙරට ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියකු වන සඳදස් කෝපරහේවා මහතා අභාවප්‍රාප්ත විය.
සිංහල, ඉංග්‍රීසි, පාලි භාෂාවන්හි ප්‍රාමාණික විද්වතකු වූ කෝපරහේවා මහතා හෙළ හවුලේ දෙවන පරම්පරාවේ අවසන් පුරුක වූයේය.
ඔහු මියයන විට 99 වැනි වියෙහි පසුවිය.
සිංහල සාහිත්‍යය, චිත්‍ර කලාව, බුදු දහම සම්බන්ධයෙන් ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ඔහු කවියකු, කලා විචාරකයකු, පරිවර්තකයකු ලෙස බොහෝ ඇසූ පිරූ තැන් ඇති දක්ෂ ගුරුවරයකු වශයෙන්ද ප්‍රකටව සිටියේය.
සඳදස් කෝපරහේවා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශ ප්‍රධන මහාචාර්ය සදගෝමි කෝපරහේවා සහ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සනත් කෝපරහේවා මහතාගේ පියාණන් ද විය.
මාතර පඹුරනදී 1923 ජනවාරි 23 වැනිදා උපත ලැබූ ඔහු මාතර, පඹුරන ශාරිපුත්‍ර විදුහලෙන් සහ මාතර සාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය.
කුමාරතුංග මුනිදාස මහතා මාතරදී පැවැත්වූ දේශනයකට සවන්දීමෙන් අනතුරුව ඇතිවූ කැමැත්ත නිසා ඔහු ‘හෙළ හවුලට’ සම්බන්ධ වී ඇත්තේ 1940දී පමණය.
‘චන්ද්‍රදාස කෝපරහේවා’ නම් වූ ඔහුගේ නාමය චන්ද්‍ර-දාස ‘සඳ-දස්’ යනුවෙන් වෙනස් කර ඇත්තේ ද කුමාරතුංග මුනිදාස මහතා විසිනි.
හෙළ හවුලේ දෙවන පරම්පරාව නියෝජනය කළ අරීසෙන් අහුබුදු, ගුණපාල සේනාධීර වැනි වියතුන් සමඟ කටයුතු කළ සඳදස් කෝපරහේවා මහතා දක්‍ෂ ගුරුවරයකු ද විය.
මාතර වෙලේගොඩ සුදර්ශන විදුහලේ පාලි හා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ගුරු වෘත්තිය ඇරඹූ කෝපරහේවා මහතා අනතුරුව ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේ චිත්‍ර හා සිංහල භාෂා ගුරුවරයකු ලෙස ද සේවය කළේය.
සඳදස් කෝපරහේවා මහතා 1984 -- 1987 කාලයේදී විජය පුවත්පත් සමාගමේ උපදේශක සංස්කාරකවරයකු ලෙස ද සේවය කර ඇත.
ඔහු විවිධ විෂයන් සම්බන්ධයෙන් ග්‍රන්ථ රැසක් ලියා ඇති අතර, ආර්.එච්. විලින්ස්කිගේ ‘A Miniature History of European Art කෘතිය ඇසුරෙන් ‘යුරෝපා කලාවේ ලුහුඬු ඉතිහාසයේ සිංහල පෙරැළිය හා යුරෝපා කලා හෙළ කලා සසඳුව’, ‘දහම් ගැටමාලා විවරණය’, ‘නවගමු දේවාලයේ පත්තිනි ඇදහිල්ල’ ‘සමරජීව කිවිඳුන්ගේ ‘වියොවග රත්න මාලය’, තම පියාණන් ගැන ‘පිය වියොව’ නම් පද්‍ය ග්‍රන්ථය ආදී කෘතීන් ගණනාවක් ඒ අතර වේ.
සඳදස් කෝපරහේවා වියතාණෝ 2015 වසරේ ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළේදී දිවමන් සම්මානයෙන්ද පිදුම් ලැබූහ.
ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් මල්ශාලාවේ හෙට (7) දින තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට පස්වරුවේ සිදු කෙරේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘හෙළ හවුලේ අවසන් වියතාණෝත් නික්ම යති‘
kamal Monday, 06 June 2022 01:33 PM
සාර්ථක ජීවිතයක් , ජාතියට කල සේවයට උපහාරය. ඔබතුමාට නිවන් සුව ලෑබේවා.
swene Monday, 06 June 2022 03:16 PM
සැබෑ දෑ හිතකාමියෙක් හා ප්‍රායෝගික උගතෙක්. ඔබතුමාට නිවන් සුව !
SUNIL MILANO Monday, 06 June 2022 04:10 PM
ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...