IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


හංවැල්ලේ මුදල් වංචාව ගැන ඇමතිවරුන් පිළිතුරු දිය යුතුයි

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති  මහා පරිමාණ  මුදල් වංචාව අවිස්සාවේල්ල - හේවාගම් කොරළයේ  දහස් ගණන් තැන්පත්කරුවන්ගේ දැවෙන ප්‍රශ්නයක් හෙයින් ඒ සම්බන්ධයෙන්  විෂය බාර අමාත්‍යවරුන්  පිළිතුරු දීම  වැදගත් බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී   ජගත් කුමාර මහතා මේ සම්බන්ධයෙන්  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරුදීම සඳහා කල්ගනු ලැබූ අවස්ථාවේදීය.

හේවාගම් කෝරළයේ විහාරස්ථානවල මෙන්ම සමාන්‍ය ජනතාවගේ මුදල් මෙම සමූපකාර සමිතියට අනුබද්ධ ග්‍රාමීය බැංකුවල තැන්පත්කර ඇති බවත්, එම තැන්පත්කරුවන්ට  මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටුවී නැති බවත් ජගත් කුමාර මහතා එම ප්‍රශ්නය යොමු කරමින් පැවසීය.

වංචාවට වගකිවයුතු අයගෙන් එම  මුදල් අයකරගෙන තැන්පත්කරුවන්ට සහන සැලසීමට කටයුතු කරන්නේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ‍ය.

දිනේෂ් ගුණවර්ධන මහතා :

ගරු කථානායකතුමනි,  මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයට පිළිතුරක් දීම වැදගත් . දහස් ගණන් තැන්පත්කරුවන්ගේ මේ ප්‍රශ්නය මේ සභාවේ සාකච්ඡා වෙලා තියෙනවා. අවිස්සාවේල්ල හේවාගම් කෝරළය පුරාම මේ ප්‍රශ්නය පවතිනවා. ඒ නිසා මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය ඉතාම වැදගත්. ඒ නිසා  මේ ප්‍රශ්නයට උත්තර දීමත් වැදගත් .මේ කාරණය සම්බන්ධයෙන් විවාදයකුත් තිබුණා. ඒ විවාදයේදිත් උත්තර දුන්නා. විවාදයේදී උත්තර දුන්නා නම්, සභාව කල් තබන අවස්ථාවේදීත් උත්තර දුන්නා නම්, මේ ප්‍රශ්නය අවිනිශ්චිතව පවත්වා ගන්නේ නැතිව පිළිතුරක් දීමට අපි අදාළ අමාත්‍යවරුන්ට දැනුම් දෙන්නම්.



අදහස් (3)

හංවැල්ලේ මුදල් වංචාව ගැන ඇමතිවරුන් පිළිතුරු දිය යුතුයි

Lalith M Friday, 11 March 2022 04:24 PM

ඕව මොනවට බෙරිහන් දෙන්නද සර්? ලොකු බණ්ඩත් කන් හැන්දක් විතර හොරා කාපු එකේ...

:       0       13

ravin Friday, 11 March 2022 04:47 PM

කාටහරි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, හොරකම් නොකරපු එක ඇමැතියෙක් නම් කරන්න පුළුවන්ද? ඒකනේ අපි ඔක්කොම රජවරු කියන්නේ...!

:       0       7

ravin Friday, 11 March 2022 06:04 PM

සමූපකාරයේ වංචාවක්...? අනාගතයේ මුදල් ඇමැති වීමේ සුදුසුකමක්... දෙවැනි එක ෂෙඩ් එකේ පෙට්‍රල් ගැසීම...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site