IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ අවුරුදු උළෙල

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික සමාජ සේවා ආයතනයක් වන හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම විසින් නවවන වතාවටත් සංවිධානය කළ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උළෙල පසුගියදා ක්‍රන්ඵර්ඩ් විද්‍යාලයයේදී පැවැත්විණ.

එහි සභාපති ශ්‍රී ලාල් ඩයස් පැවසුයේ

හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම සමඟ ශ්‍රී ලාංකික දෙමළ සංවිධානයක් වන පොටර්ස් පැලස් දේව සභාවද එකමුතුව මෙවර අවුරුදු උත්සවය සංවිධානය කළ බවයි.

සිංහල සහ දෙමළ කණ්ඩායම් එකමුතුව ලන්ඩන් නුවර අවුරුදු උත්සවයක් සංවිධානය කළ මුල් අවස්ථාව මෙය බව ද  ඩයස් කියයි.

ලන්ඩන් නුවර සහ ඉන් බැහැරව ජීවත්වන සිංහල, දෙමල සහ මුස්ලිම් ශ්‍රී ලාංකික පවුල් විශාල සංඛ්‍යාවක් උත්සවය සඳහා සහභාගී වුහ.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නා හිමි, ශාන්තිරන් කුරුක්කල් තුමා සහ සචිත්තානන්දන් පියතුමා උත්සවයේ ආගමික කටයුතු කළහ.

ප්‍රධාන ආරාධිත අමුතා වුයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාය.

මහ කොමසාරිස් කාර්යාලයේ කිත්සිරි හේරත්, සේපාල රත්නායක, බ්‍රිතාන්‍ය පාර්ලි මේන්තු මන්ත්‍රීනි සීමා මල්හෝත්‍රා, ප්‍රාදේශීය නගර සභා මන්ත්‍රීන් වන ජග්දීෂ් ශර්මා, සචින් ගුප්තා ඇතුළු නගරාධිපති වරුන් සහ නගර සභා මන්ත්‍රීන් කිහිප දෙනෙක්ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනයේ නලින් පෙරේරා සමඟ සම්භාවනීය අමුත්තන් විශාල ප්‍රමාණයක් උත්සවයට සහභාගී වුහ.

ආරාධිත අමුත්තන් අතින් සම්ප්‍රදායික පහන දැල්වීමෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය.

පැමිණ සිටි සියල්ල පිළිගන්නා ලද්දේ හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජන හඬ පදනමේ අනුශාසිකා සුර්යා සමරවීර විසිනි.

සම්ප්‍රදායික ක්‍රීඩා සහ සංස්කෘතික අංග බොහෝ ගණනක්ම එදින පැවැත්විණි.

ඉතා අලංකාරවූ සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්විණි. මෙහිදී ලන්ඩන් නුවර ජීවත්වන සිංහල සහ දෙමල දරු දැරියන් සහ දෙමාපියන් හට ඔවුනගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

ආසිරි බණ්ඩාර සමඟ ශිරාන් අල්මේදා නිවේදනයෙන් දායක විය.

සංදර්ශනයේදී ඉදිරිපත්කළ ළමා නර්තන අංග පුහුණු කිරීම සඳහා සුරේෂි චන්ද්‍රසේන ඇතුළු කණ්ඩායම ඉමහත් වෙහෙසක් ගෙන ඇතිබව කියවිණි. මිඩ්ලන්ඩ් සරසි නර්තන කණ්ඩායම මඟින් ඉදිරිපත්කල විශේෂ නර්තන අංගයන් පැමිණ සිටි කාගේත් පැසසුමට ලක්විය.

හංසි විජේවික්‍රම මෙවර ජනහඬ අවුරුදු කුමාරිය ලෙසින් ජයගහණය කල අතර දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන දිනා ගන්න ලද්දේ සත්මා නුගේරා සහ ධනු විද්‍යා විසිනි.

ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකික ගායන ශිල්පීන් සහභාගීවූ සංගීත සංදර්ශනයක් ද පැවැත්විණි. ඒ සඳහා සංගීතය සපයන ලද්දේ ශාන්ත සහ සී 7 කණ්ඩායමයි.



අදහස් (0)

හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ අවුරුදු උළෙල

ප්‍රියා Monday, 21 April 2014 07:02 AM

හරිම ලස්සනයි. සුභ පැතුම්! (නි)

:       0       0

චමින්ද Monday, 21 April 2014 04:10 PM

මම ඉන්න රටෙත් අවුරුදු උත්සව පවත් වනවා. නමුත් නැති එකම අංගය තමයි "අවුරුදු කුමාරි " තේරීමේ තරගය. හේතුව වෙලා තියෙන්නේ කිසිම තරග කාරියක් තරගයට ඉදිරිපත් නොවීමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site