IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හාල් එක්ක වස කවයි

දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප‍්‍රධාන නගරවල සිදු කෙරෙමින් පවතී. මඩකලපුව, කල්මුනේ, සමන්තුරේ, අමිපාර යන ප‍්‍රදේශවල ගොවින්ගෙන් මිළිදි ගන්නා රතු සහල් වි සහල් මෝල් වලට ගෙනවිත් සුද්ද කර පොලිෂ් කිරිමෙන් පසු රතු සහල් වලට මෙම වර්ණ කාරකය යොදවන බවයි වෙළසැල් හිමියන් පවසන්නේ. එම වර්ණ කාරක යෙදිමෙන් පසු රතු සහල් අලංකාර රෝස පැහැයක් ගනී. මෙම සහල් සෝදන විට වර්ණ කාරක ඉවත් වී රතු සහල් තද රතු පැහැයෙන් යුක්ත වෙයි.

පිළිකා ඇතුළු සමේ රෝග වැළඳීමට තුඩු දෙන බව කියන මෙම රසායනය හාල් ගෝනියකට ඉතා සුළු ප්‍රමාණයක් කළවම් කිරීෙමන් සිත් ගන්නා සුළු පැහැයක් ලැබෙනා බව මේ සමීක්ෂණයක් කළ දකුණේ ලංකාදීප මාධ්‍යවේදියෙක් කියයි.

කලකට පෙර මේවැනි සායම් කළ සහල් ජාවාරම  මුලින්ම සොයා ගත්තේ තිස්සමහාරමයෙනි.

මේ සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරියේ ප‍්‍රධානි විමලසිරි ඉලූක්කුඹුර මහතා ගෙන් අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ මෙවැනි වර්ණ ගැන්වු සහල් අලෙවි කිරිම සපුරා තහනමි බවයි. මෙවැනි සහල් අලෙවි කළ වෙළදුන් රැසකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා දඩ මුදල් අයකර ඇති බවත් තවත් මෙවැනිම වර්ණ ගැන්වු සහල් සාම්පල් කිහිපයක් වාර්තාවක් ලබා ගැනිම සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි.

IMG_20160201_091338

Presentation3 Presentation2 Presentation1 IMG_20160201_091348 IMG_20160201_090935 IMG_20160201_091154 IMG_20160201_091344

IMG_20160201_090755



අදහස් (0)

හාල් එක්ක වස කවයි

නොයෙල් Monday, 01 February 2016 10:24 AM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නිමලරත්න Monday, 01 February 2016 10:34 AM

කලයුත්තේ දඩ ගැසීම නොවේ. ජීවිතාන්තය දක්වා සිරගෙට යැවීම හෝ සියලු දේපල තහනම් කිරීම.(ම)

:       0       0

ශාන් Monday, 01 February 2016 10:41 AM

මේක අලුත් දෙයක් නොවේ. මීට අවුරුදු කීපයකට ඉස්සරත් කල්මුනේ පැත්තේ මෝල් කීපයක මේක කරලා තිබුණා. ප්‍රසිද්ධ නමකින් හාල් ඔස්ට්‍රේලියාවට එවල තිබුණා. ගෙදර ගෙනල්ල හෝදලා බලනකොට බාල සුදු හාල්. මේක සල්ලි තියන අය වැඩි තණ්හාවට කරන දෙයක් (ම)

:       0       0

දුමින්ද Tuesday, 02 February 2016 07:30 AM

මේක සුළු කාරණයක් නොවේ , අදහස් දක්ක්වල තියෙන අය සුළුවට අරන් තියෙන්නේ මේ වගේ පව් කාර මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න. (ර)

:       0       0

සම්පත් Monday, 01 February 2016 10:53 AM

මොවුන්ගේ දේපළ රාජසන්තක කරන්න (නි)

:       0       0

සමන් තිලකරත්න Monday, 01 February 2016 06:23 PM

කන්න තිබෙන කෑමට හිතාමතාම ලාභ ලබන්නට වස කලවම් කිරීම බොහොම පහත් වැඩක්. මේ අයට මෙලොවත් එලොවත් දෙකේම සුගතියක් නැහැ. (නි)

:       0       0

නිහාල් Monday, 01 February 2016 12:09 PM

මෙවැනි දේවල් වෙලදාම් කරන වෙළදුන්ගේ වෙලදසල්වල නම් සියලු ආගම් ශාස්තුවරන්ගේ පින්තුර ඉහලින්ම එල්ලලයි තියෙන්නේ. (ර)

:       0       0

ලලිත් Monday, 01 February 2016 11:52 PM

කඩවල් වල තිබෙන අයිස්ක්‍රීම්, ටොපි, සීනිබෝල, කේක්, පැණිබිම වගේ කෑම වලත් ඔය වගේ පාට සිය ගුණයකින් තිබෙනවා. (නි)

:       0       0

මලී Tuesday, 02 February 2016 01:20 PM

බ්‍රෑන්ඩ් නේම් එක දැනගත්ත නම් අපිත් නොකා ඉන්නවනේ. (බ)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Monday, 01 February 2016 02:04 PM

අපේ රටේ දේශීය නිෂ්පාදන හැමදේටම මොනවා හරි එකතු කරනවා. පලතුරු වලට කාබයිට් දානවා. හාල් වලට පාට කලවම් කරනවා .රට වටේම මුහුද එත් මාළු වලට ෆොර්මලින් දානවා. අඩුතරමේ අපේ දෙයක්වත් පිරිසිදුවට කන්න නෑ අපේ රටේ .එකයි ඇත්ත .මොවූන්ට විරුද්ධව නීති පොත්වල තිබිල මදි .ක්‍රියාත්මක කිරීමයි වැදගත්. (ර)

:       0       0

ප්‍රියානි Monday, 01 February 2016 09:28 AM

කළොත් ඉතින් හොරකමක්ම තමයි (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 09 February 2016 08:32 AM

මේවගේ පව්කාර වෙළෙන්දෝ කොච්චර ඉන්නවාද ? (ම)

:       0       0

අනු Monday, 01 February 2016 09:44 AM

ඕක හැම නගරයකම ඔහොම තමයි අපේ පැත්තෙත් තියෙනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site