IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


හලෝ අංකය දැන්වීමට දාන්නේ බලාගෙනයි

පුවත්පත් දැන්වීම්වල දැක්වෙන දුරකථන අංකවලට කතාකර කප්පම් ඉල්ලීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු ලැබී ඇති බැවින් යම් භාණ්ඩයක් අළෙවි කිරීමට දැන්වීම් පළකරන්නේ නම් තමන්ගේ ස්ථාවර දුරකථන අංකය දැන්වීමට යෙදීමෙන් වළකින ලෙස පොලීසිය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ රථවාහන, නිවාස හා ඉඩම් අළෙවි කරන පුද්ගලයන්ගේ දුරකථන අංක ලබාගන්නා සංවිධානාත්මක කල්ලි කප්පම් ගැනීමේ නිරතවන බවට කරැණු අනාවරණය වී ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බැංකු ගනුදෙනු වලදී ද ජනතාව වඩාත් ප්‍රවේසම් වියයුතු බව ද පොලීසිය පවසයි.   



අදහස් (0)

හලෝ අංකය දැන්වීමට දාන්නේ බලාගෙනයි

සරත් බණ්ඩාර Wednesday, 28 May 2014 11:53 PM

,ෆුල්ෆෙස් හෙල්මට් දල හොරකම් කළාම.ඒවා පැලදීම තහනම් කරනවා දෙන් කියනවා ලැන්ඩ් ෆෝන් භාවිතා එපාලු (අ)

:       0       0

ඉර්ෆාන් ධර්මා Thursday, 29 May 2014 01:40 AM

සියලුම අපරාධ කරුවන් ලවා සගවා ඇති ආයුධ සොයන මෙහෙයුමක් දියත් කරානම් එක දවසෙන් ගොඩාක් නඩු ඉවර වෙනවා (අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Thursday, 29 May 2014 03:57 AM

ඔය සියල්ලටම මුල රටේ තද නීතියක් නැතිකමයි. (නි)

:       0       0

චින්තක Thursday, 29 May 2014 04:46 AM

දරා ගන්න බැරි ජීවන වියදම හින්ද මිනිස්සු වියරු වැටිලා. පාලකයින් බඩු මිල ගැන දෙවරක් හිතන්න කාලය ඇවිල්ල (අ)

:       0       0

ජයශීූ Thursday, 29 May 2014 08:50 AM

එම කාලසීමාව‍ට විතරක් සිමි එකක් ගන්න කියල තමයි කියන්නෙ. (ස)

:       0       0

මධුර Thursday, 29 May 2014 09:54 AM

තමන්ට ළගම තියන පොලිසියේ නොම්ම්මරේ දල දැන්වීම පළ කලා නම් ප්‍රශ්නේ විසදෙනවා (දිල්)

:       0       0

රොහාන් සෞදි Wednesday, 28 May 2014 05:09 PM

හදිසියට දැන්වීමක් දාලත් ඉවරයි වගේ, විරැකියව අධික ජිවන වියදම හා භාණ්ඩ මිල සොරකමට හේතුවේ. (අ)

:       0       0

කලන Wednesday, 28 May 2014 05:15 PM

ඔය දේශපාලන ලොක්කෝ කරන වැඩ නිසා දැන් හැම කෙනාට ම කප්පම් ගෙවන්න වෙලා... (දී)

:       0       0

කෙවින් Wednesday, 28 May 2014 05:27 PM

ලංකාව ගැන සහ ලංකාවේ පොලිසිය ගැන හිතන කොට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා..........එහෙනම් අපිට ටෙලෙෆොන් අංක දමන්ඩ බෑ පත්තරේට??????????? නියම පොලිසියක්නේ අපිට තියෙන්නේ'''''''' අයෙත් සන්තෝසේ බැරුවා............ (දී)

:       0       0

පහන්දී Thursday, 29 May 2014 11:02 AM

ස්ථාවර අංකය වෙනුවට 119 අංකය දුන්න නම් හරි! (ස)

:       0       0

පහන්දි Thursday, 29 May 2014 11:03 AM

අස්ථාවර අංකය නැත්නම්, එහෙනම් 119 දෙමු! (ස)

:       0       0

විමල් Wednesday, 28 May 2014 06:30 PM

කප්පන් ගන්නවුන් කැළේට ගෙනිහින් විනාස කරන්න ජනතා සහයෝගය පොලිසියට දෙමු.(අ)

:       0       0

අසෝක Thursday, 29 May 2014 11:35 AM

අනේ මෙහෙමත් පොලිසියක්, මාධ්‍ය ප්‍රකාශකතුමනි. හිසේ අමාරුවට කකුලට බෙහෙත් කරලා හරියනවාද?

:       0       0

නාලක Wednesday, 28 May 2014 06:42 PM

ස්ථාවර දුරකථන අංක නැතුව තාවකාලික දුරකථන අංක යොදා දැන්වීම් පල කර වංචා කරන අයගෙන් බේරෙන්න කියල ලබන සතියේ පොලිසිය කියාවි... අනේ මෙහෙම රටක්..(අ)

:       0       0

ගයානි Thursday, 29 May 2014 12:00 PM

දැන් ඉතින් එහෙම නම් අපිට ගිනි නිවන හමුදාව, හදිසි අනතුරු අංශය , බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ සාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අංක තමයි ස්ථාවර දුරකථන අංක හැටියට දෙන්න තියෙන්නේ. (දිල්)

:       0       0

සමන්ති Wednesday, 28 May 2014 07:36 PM

ලිපිනය රහිත ජංගම දුරකථන අංක යොදා පළකරන දැන්වීම් ගැන ගැටළුවක් නැද්ද? (නි)

:       0       0

නිහාල් Wednesday, 28 May 2014 08:09 PM

තාවකාලික දුරකතන අංක කොහොමද ලබා ගන්නේ? මේ ගැන කවුරුවත් දන්නවාද? (නි)

:       0       0

නිමල් Wednesday, 28 May 2014 08:14 PM

බන්ධනාගාරයේ ඉඳන් තමයි ඔය සෙල්ලම කරන්නේ රටේ නමගිය අපරාදකාරයෝ. බන්ධනාගාර නිලධාරීන්ගේ සම්පුර්ණ ආරක්ෂාව සහ උදව් යටතේ. පොලිසිය ඒක දන්නවා . (නදී)

:       0       0

නිමල් දයාරත්න Wednesday, 28 May 2014 08:54 PM

මම දැක්කා ඇමති තුමා බන්ධනාගාරයේ ටෙලිපෝන් සවිකරන්න යනවා කියලා තිබුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 66 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site