IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෙල්මට්වලින් පහරදී එක්දරු පියා මරාදාලා

(සුමිත් පොතුපිටිය)

මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද රාත්‍රි  තරුණ පිරිසක්  හෙල්මට් වලින් පහරදීමෙන්  එක්දරු පියෙකු ඝාතනයට ලක්ව ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න  ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කිය.

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී අවුරුදු  16  වයසේ පසුවන තරුණයින් කිහිප දෙනකු සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හෙල්මට් වලින් පහරදී ඇතැයි සදහන් වේ.

පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබාසිටී  පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි පැවසේ.

ඝාතනය සම්බන්ධයෙන් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

සැකකරුවන් ගමන් කළ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන් වේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද  කැදවීමට කටයුතු කරන බව පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වා  මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (8)

හෙල්මට්වලින් පහරදී එක්දරු පියා මරාදාලා

Chandra Tuesday, 14 February 2023 10:04 PM

මේ හෙල්මට් කාරයෝ මෑතකදී රත්තො විසින් පුරුදු කරපු පිරිසක් එකෙම්ම .

:       8       68

sharm warnWednesday, 15 February 2023 11:05 AM

අයියො ඔයා වගෙ පිස්සො තව ඉන්නවද මෙ රටෙ???

:       8       4

පිටිගල මිලානෝ Wednesday, 15 February 2023 02:07 AM

පෙබරවාරි 13 ඇමරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයක වෙඩිතබා කල සමූහ ඝාතනයකදී හතරදෙනෙත් මියගොස් තිබෙනවා. ඇමරිකාවේ සමූහ ඝාතන හැම මසකම වාගේ සිදුවනවා.

:       50       1

බද්රානි Wednesday, 15 February 2023 03:00 AM

නියමයි! කොල්ලනේ මරාපියව් අහුවෙන අහුවෙන හැම එකාවම.. අනික ඉතින් ලංකාවේ ඔය පැත්තේ ඉන්න තිරිසන්නු ඔය වගේ වැඩ වලට හරි දක්ෂයිනේ.. ඒ වගේම උඹලට ලංකාවේ දේශපාලනික වශයෙන් හොඳ අනාගතයකුත් තියනවා.. මරලා විතරක් වැඩක් නැහැ, තව හොඳට හොරකනුත් කරපල්ලා.. අර, මහ එවුන් වගේ...

:       43       9

sharm warn Wednesday, 15 February 2023 09:00 AM

දෙවියනෙ මෙ ලමයි ද? දෙමව්පියනි ඔබෙ දරුවන්ට මිනිස්කම් කියා දෙදෙ.. .මිනිස් වටිනකම් කියා දෙදෙ... ඉවසීම කියන්නෙ මොකද කියල උගන්වන්න..

:       0       39

සුරංග Wednesday, 15 February 2023 09:47 AM

අපරාදෙ ජීවිත හානී අපරාදෙ ජීවිත හානී යාපනයේ කොටි අරගල පටන්ගත්තේ ඔහොම අඩුවයසේ කොල්ලො කියලා තමයි අහල තියෙන්නෙ ඒ නිසා උන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා

:       0       39

ThilakWednesday, 15 February 2023 11:11 AM

අනිවාර්යයෙන්ම...

:       0       9

uk ran Wednesday, 15 February 2023 11:20 AM

කාලකන්නි අරගල කාරයෝ නිසා වෙච්ච දෙයක් .හැමෝම හිතන් ඉන්නේ ගුටි කෙළගෙන දිනන්න පුළුවන් කියලා.ජෙප්පෝ ඇරලා ලොක්කෝ ඔක්කොම මේවට වග කියන්න ඕනේ

:       6       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site