IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොර සහතිකෙන් හය වසරක් උගන්වයි

හොර උපාධි සහතිකයක් ඉදිරිපත් කර හය වසරක් නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ඉගැන්වූ ගුරුවරයකු අද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

සැකකරු කැලණිය විශ්ව විද්‍යාලයයෙන් ලබා ගත් ආර්ථික විද්‍යාව ගෞරව උපාධි සහතිකයක් ඉදිරිපත් කර 2008 වසරේදී ශාන්ත ජෝසප් විද්‍යාලයයේ සේවයට ගොස් ඇත.

ඔහු ගැන කොළඹ වංචා විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව කළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ සැකකරු ඉදිරිපත් කළ ගෞරව උපාධි සහතිකය ව්‍යාජ බවයි.

ඒ අනුව හොර සහතික ඉදිරිපත් කිරීම හා වසර හයක් රජයේ වැටුප් මුදල් වංචා සහගතව ලබා ගැනීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.

 



අදහස් (0)

හොර සහතිකෙන් හය වසරක් උගන්වයි

ඇන්ටන් Thursday, 19 December 2013 01:45 AM

සහතිකේ හොර වුනත් හොදට ඉගැන්නුවනම් ගැටලුවක් නැහැනේ එහෙම බැලුවොත් නමය පාස් නැති ඇමතිලා අමාත්‍යන්ශ පාලනය කරන්නේ (අ)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 04:26 AM

කලකට ඉහතදී ලංකාවේ හිටපු අධ්‍යාපන ඇමති කෙනෙක් ඇමෙරිකාවට ගොස් හොර ආචාර්ය උපාධියක් ලබාගෙන, තම පාක්ෂිකයිනුත්, ආණ්ඩුවත්, රටත් තමාගේ හෘද සාක්ෂියත් රවටා දිගට ම රස්සාව කරගෙන ගියා. එයාව අල්ලන්න කවුරුවත් ඉදිරිපත් උනේ නැහැ. "මිටි තැනින් යයි ගලා ජලේ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 19 December 2013 04:41 AM

මිනිසුන් අල්ලා ගස් බැඳීම පිළිබඳව ආචාර්ය උපාධියක් දෙන එකම රට ලංකාව.(නදී)

:       0       0

උපාලි Thursday, 19 December 2013 06:00 AM

අල්විස්, ඔය තර්කය පොඩ්ඩක් කියා දෙන්නකෝ වංචා විමර්ශන අංශයට. ඒ අහිංසකයව එලියට දාන්න කියලා. මෙයා උගන්නපු අය දැන් ආර්ථික විද්‍යා උපාධිධාරීන් වෙලාද කවුද දන්නේ. සමහරවිට අපේ අය වැය ලේඛනය හදන්නත් ඒ ගොල්ල උදව් වෙනවා ඇති. (නදී)

:       0       0

දිසානායක සිඩ්නි නගරය Wednesday, 18 December 2013 04:14 PM

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින 'හොර උපාධි සහතික' ලත් ඉංජිනේරුවෝ ඇතුළු උපාධිධාරීන් අල්ලන්නේ කවදාද? (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 December 2013 04:50 PM

ඔහුත් ඉගෙනීමටම ඉපදිලා.(නදී)

:       0       0

සෙනවි කැන්බරා Wednesday, 18 December 2013 04:59 PM

ලංකාවේ බුද්ධි අංශයෙන් කෙනෙක් මේ පැත්තටත් එවන්න. අපි පෙන්නන්නම් 'යුනිවසිටි ඔෆ් මාලිගාවත්ත' උපාධිධාරීන්ව.(නදී)

:       0       0

තිස්ස මෙල්බෝර්න් Wednesday, 18 December 2013 05:41 PM

එන් ඩී ටී හෝ ලංකාවේ ටෙක්නිකල් ගිය සමහරු 'යුනිවසිටි ඔෆ් මාලිගාවත්ත' ලබාදෙන පේරාදෙණි, මොරටු සරසවිවල ඉංජිනේරු සහතිකය ලබාගෙන විදේශ ගත වෙනවා. මේ අය ගැන දන්නෝ දනිති. (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 18 December 2013 05:47 PM

තව කොච්චරද? ආචාර්‍යලා.(නදී)

:       0       0

අල්විස් Wednesday, 18 December 2013 06:46 PM

දිසානායක සහ සෙනෙවිට, ඔයාල කියන කට්ටිය අපේ රටෙන් ගියේ හම්බකරන්ඩ නේ. ඒ සල්ලි එවන්නෙත් අපේ රටටම නේ. ඔන්න ඔහේ හිටපුවාවේ අහුවෙන්නේ නැත්නම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site