IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොර සල්ලි වලින් තෙල් ගහලා අසුවේ

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හරින ලද බව කියන තරුණයින් දෙදෙනෙකුව මාදම්පේ පොලීසිය විසින් හලාවත  මුගුණුවටවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදා ගත් පරිඝණකයක්,මුද්‍රණ යන්ත්‍රයක්,ස්කෑනර් එකක්ද,මුද්‍රණය කරණ ලද රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා හලාවත,මුගුණුවටවන - කෝන්ගස්යාය පදිංචි 18 හැවිරිදි අයෙකි. පරිඝණක යන්ත්‍රය ඇතුළු උපකරණ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේ තිබියදීය. එම සැකකරු විසින් මුද්‍රණය කරණ ලද වයාජ මුදල් බෙදා හැර ඇත්තේ මුගුණුවටවන - දකුණු මහගම පදිංචි 17 හැවිරිදි අනෙක් සැකකරුය.

තමන් විසින් රුපියල් 1000 සහ 2000 නෝට්ටු මුද්‍රණය කළ බවත්,එම ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කරමින් රාත්‍රී කාලයේ යතුරු පැදි වලට සහ ත්‍රී රෝද රථ වලට ඉන්ධන  ලබා ගත් බවද සැකකරුවන් පොලීසියට පවසා ඇත.තමන් විසින් කරගෙන යන ජාවාරම අසල්වැසියන් දැන ගැනීමෙන් පසුව මුද්‍රණය කර තිබූ නෝට්ටු තොගයක් ගිනි තබා විනාශ කළ බවද සැකකරුවන් පවසා ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් විසින් මුද්‍රණය කර බෙදා හැර ඇති ව්‍යාජ මුදල් නොට්ටු වල වටිනාකම අනාවරණය වී නැත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට දැණුම් දීමට කටයුතු කර ඇත.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත්,උප පොලිස් පරීක්ෂක කේ.එම්.එස්.කේ.විජේසිරි,පොලිස් සැරයන් 20610 ජයවර්ධන,පොලිස් කොස්තාපල්වරුන් වන 76699 ජයරත්න,88430 නුවන්, 66133 කුලරත්න,67288 චානක යන නිලධාරීන් විසින් සැකකරුවන් සමග ව්‍යාජ මුදල් නොට්ටු ජාවාරම අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

හොර සල්ලි වලින් තෙල් ගහලා අසුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site