ව්‍යාජ ඇමරිකා මුදල් නෝට්ටු තොගයක් සමඟ පකිස්තාන ජාතිකයින් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් වයස අවුරුදු (33) සහ (67) වියැති බව එම නිලධාරීහු කියති.
මොවුන් දෙදෙනා ළඟ ඇමරිකා ඩොලර් දහ අටදහසක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තිබී සොයා ගෙන ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ විසි පහකි.
ඔවුහු ව්‍යාජ මුදල් මෙරටට ගෙනවිත් මාරු කරන ජාවාරමක සාමාජිකයෝ බවට සැක කරති.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කරනු ලබන මුලික විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්ටු ඒකකය වෙත බාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර සල්ලිත් එක්ක පකිස්තාන දෙන්නෙක් දැලේ
පීරිස් නිරන්ජන් Friday, 08 January 2016 06:16 AM
මේ වගේ වැඩක් නැති නායකයෝ තමයි අපේ රටේ රතු පලස දාලා පිළිගන්නේ (බ)
වසන්ජය Friday, 08 January 2016 08:22 AM
කුඩු මදිවට හොර සල්ලි මේ අපේ රටට පිළිලයක් (ම)