ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාරදීම ලබන සැප්තැම්බර් තෙක් කල් දැමුවද දිගින් දිගටම කල් නොදමන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙය නව රජයේ ඉල්ලීම් සලකා බලමින් ශ්‍රී ලංකාවට දුන් එක අවස්ථාවක් පමණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කර ඇත.
යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ මෙම ජාත්‍යන්තර විමර්ශන වාර්තාව එළි දැක්වීම ලබන සැප්තැම්බර් මාසය තෙක් පමා කිරීම යනු එම වාර්තාව යටපත් කිරිමේ උත්සාහයක් නොවන බවටද මහ කොමසාරිස් පවසයි.
මේ අතර ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන පවත්වන මාර්ටි අටිසාරි, සිල්වියා කාර්ට්රයිට්, අස්මා ජගන්ගීර් යන විද්වතුන් තිදෙනාද නව රජය යටතේ සිය විමර්ශන සහයෝගයෙන් සිදු කිරීමට කැමැත්තෙන් සිටින බැව්ද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හරි මඟට එන්න ඉඩක් දුන්නා පමණයි‘
පාලිත Wednesday, 18 February 2015 05:44 AM
ඔව්. කිරි දරුවෝ කපලා මරනකොට, පූජනීය ස්ථානවල සිල් රෙදි පොරවාගෙන හිටි අහිංසක ජනතාව අමු අමුවේ මරණකොට ඔය කියන කුමාරවරු හිටියේ ඇස් කටේ දාගෙනද? ත්‍රස්තවාදීන්ට මහින්ද රාජපක්ෂ කළදේම තමයි ඕනෑම නියම සිංහලයෙක් නම් කරන්නේ. එතුමාගේ වැරදි තිබුණා තමයි. හැබැයි යුද්ධය ගැන නම් කාටවත් මුකුත් කියන්න බැහැ. (නි)
දුමින්ද Wednesday, 18 February 2015 06:27 AM
රත්නායක, ඔබ නිවැරදි විය හැක. අපෙත් නොහැකියාව. ප්‍රමාදය විනාශයට මුල වේ (නි)
සොයිසා Tuesday, 17 February 2015 02:08 PM
අයි .එස් .සටන්කාමීන් ගැන කතා නැත්තේ ඇයි? තමුන්ගේ වැඩක් බලාගෙන හිටියා නම් හරිනේ (නි)
නිමාෂා Tuesday, 17 February 2015 03:45 PM
සහතික ඇත්ත අනේ. මේ රටේ මිනිස්සුන්ට ඕව මතක නෑ. කන්න දුන්නොත් ඔක්කොම හරි. දැන් ඔය කෑවේ කොත්තමල්ලි.(අ)
අනුරුද්ධ Wednesday, 18 February 2015 12:51 AM
යුද්ධයේ අවසන් අදියරේ වුණ ඒවා ගැන විතරක් ඇයි කතා කරන්නේ? ඊටකලින් සහ පසුව වුණදේවල් ගැනත් කතා කරන්න ඕනෑනේ එහෙනම්. (නි)
නිහාල් Tuesday, 17 February 2015 11:02 AM
අවුරුදු 30 යුද්දෙන් බැටකනකොට ඒ අසරණ ජනතාව බලන්න මේගොල්ලෝ පැත්ත පළාතක අවේ නෑ පොඩි දරුවෝ ගස්වල ගහල මරණකොට,බස් කෝච්චි වලට බෝම්බ තියන කොට මෙයාල කොහෙදේ හිටියේ. (බ)
රත්නායක ආරච්චිගේ Wednesday, 18 February 2015 05:27 AM
රට බේරාගත් වීරයින් සහ රණවිරුවන් දංගෙඩියට ගෙනගියාට පස්සේ ඇමරිකාවටයි එංගලන්තයටයි ඔය උණ හොඳ වේවි (නි)