IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර බඩු අල්ලන්න වරායට ස්කෑනරයක්

ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සියලු භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා අධි තාක්ෂණ ස්කෑනර් යන්ත්‍රයක් කොළඹ වරායේ ස්ථාපනය කිරීමට යයි.

ස්කෑන් යන්ත්‍රය ස්ථාපනය කෙරෙන ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග ඉකුත් දා (21) පෙරවරුවේ කොළඹ වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් චාරිකවක නිරත වූහ.

ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලු භාණ්ඩ නිරීක්ෂණය කිරීම සඳහා නව තාක්ෂණයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කරන බව 2016 අයවැය මගින් ප්‍රකාශයට පත් විය. ඒ අනුව ලබන 2016 වසරේ මාර්තු 31 දින වන විට අදාළ ස්කෑන් යන්ත්‍රය කොළඹ වරාය පරිශ්‍රයේ සුදුසු ස්ථානයක ස්ථාපනය කළ යුතු ව ඇති අතර අප්‍රේල් මස (01) පළමු වැනි දින සිට සියලු බහාලුම් මෙම ස්කෑන් පරික්ෂාවට ලක් කැරෙයි. නීති විරෝධී භාණ්ඩ හඳුනා ගැනීමටත්, ඒවා රටට ඇතුළු වීම වැළැක්වීමටත් මේ පියවර ගැනේ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් චන්ද්‍රා ඒකනායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සේමසිංහ, වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර ද එක් වූහ.

 



අදහස් (0)

හොර බඩු අල්ලන්න වරායට ස්කෑනරයක්

විරූ Wednesday, 23 December 2015 08:24 PM

ලංකාවේ බල්ලෝ නැනේ . (ස)

:       0       0

වින්සන්ට් Wednesday, 23 December 2015 10:38 PM

ප්‍රියන්ත, ඔබ කියන දේ ඇත්තක් තිබෙනවා. ඒ වුනාට ප්‍රශ්නය මේකනේ, බල්ලන් කෙලින්ම වැඩේට බහිනවා. මේකට අහවලාගේ ලේකම්ගේ ලියුම් තියෙනවා, මේක ඇමතිගේ, මේක ඇමතිගේ පුතාගේ ආදීවශයෙන් බල්ලන්ට හඳුනා ගැනීමේ හැකියාවක් නෑ නේද? (ස)

:       0       0

ප්‍රගීත් Thursday, 24 December 2015 01:36 PM

තාක්ෂණය කොච්චර අලුත් වුණත් ඇතුළේ හා පිට ඉන්න කම්බා හොරු ඉන්නතුරු වැඩක් නැහැ (නි)

:       0       0

කපිල Wednesday, 23 December 2015 01:10 PM

නියමයිනේ....! (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 23 December 2015 02:44 PM

එතකොට දේශපාලඥයින්ගේත් බඩුත් ස්කෑන් කරනවද? අනේ! නියමයි නේද? (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 23 December 2015 02:56 PM

තාක්ෂණයට වඩා බල්ලන්ගේ ඉව ප්‍රබලයි. ගුවන් තොටුපළ හරහා රටට එන (විශේෂයෙන් කුඩු ) තහනම් දේවල් පුහුණු කරන ලද සුනඛයන් යොදවා අත්අඩංගුවට ගැනීම පිටරටවල්වල සිදුවේ. ඇයි ලංකාවේ නැත්තේ? (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 23 December 2015 03:09 PM

මොන තාක්ෂණය තිබුණත් රුපියල් ශත වලට ඕවා පරදිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site