(අංජුල මහික වීරරත්න)
ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
දැනට පවතින නීති යටතේ ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීම මෙන්ම නීති විරෝධි ලෙස ආනයන නීති උල්ලංගනය කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන පළිබෝධ නාශක හා වල් නාශක සම්බන්ධව අය කරන දඩමුදල හා සිර දඩුවම් ප්‍රමාණවත් පරිදි එම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කරන්නේ නැතැයි අමාත්‍යාංශය පවසයි.
මේ නිසා පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ප්‍රමිතියෙන් තොර වල්නාශක හා පළිබෝධ නාශක ජාවාරම්කරුවන්ට අඩු තරමින් රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු තුනක සිර දඩුවම් හෝ ඒ දෙකම ලැබෙන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එමෙන්ම පලිබෝධ නාශක හා වල් නාශක වගාවන් සඳහා භාවිතා කිරීමේ දී ඒවායේ මිල ගණන් ඉහළ යාම ගොවි ජනතාවට දරා ගත නොහැකි නිසා ග්‍රෑම් 20 පැකට් වශයෙන් වෙළෙදපලට නිකුත් කිරීමට අවසර ලබා දීමට ද තීරණය කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හොර පළිබෝධ නාශක විකිණුවොත් අවුරුදු තුනක් හිරේ