IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හරි පඩිය නොගෙවන වතු, අලුත් හාම්පුතුන්ට

(අංජුල මහික වීරරත්න)

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කළ වතු වල බදු ගිවිසුම අවලංගු කිරිමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු ඇමති මනූෂ නානයක්කාර මහතා වෙත උපදෙස් ලබාදී ඇත.

බදු ගිවිසුම් සම්බන්ධයෙන් නව නීති සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. වතු රජයට පවරා නොගන්නා බවත් බදු  කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කොට වෙනත් සමාගම් වෙත අලුත් බදු ගිවිසුමක් යටතේ එම වතු බදු දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා  මනූෂ නානයක්කාර අමාත්‍යවරයාට දුන් උපදෙස් වල සඳහන් වේ.

රජය නියම කළ වැටුප වැඩි කළ නොහැකි බවත් වතු පාඩු ලබන බවත් කියන්නේ එහි නිසි කළමනාකාරිත්වයක් නොමැති හෙයින් බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා එම වතු නැවත ආණ්ඩුවේ පාලනයට ගැනීමට කිසිසේත් අවශ්‍ය නැතැයි මනූෂ නානායක්කාර ඇමතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. එ් අනුව අලුත් සමාගම් වෙත මෙම වතු බදු දෙන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය  මනූෂ නානායක්කාර මහතාට දැනුම් දී තිබේ.

රජය විසින් බදු ගිවිසුම් අහෝසි කරන වතු සමාගම් බදු ගැනීමට අලුත් සමාගම් රැසක් දැනටමත් ඉදිරිපත්ව සිටින අතර එයින් වඩාත්ම සුදුසු සමාගම් වලට ගිවිසුම් අහෝසි කෙරුණු වතු බදු දෙන බව මනූෂ නානයක්කාර මහතා ප්‍රකාශ කළේය.

රජය සතු වතු 22 ක පමණ  මෙලෙස බදු පදනම මත පෞද්ගලික අංශය වෙත පවරා ඇති අතර එම වතු රජය සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් අවලංගු කිරීමට ඉදිරියේදී  කටයුතු කරන බව ද මනූෂ නානයක්කාර මහතා වැඩි දුරටත් කීවේය.



අදහස් (5)

හරි පඩිය නොගෙවන වතු, අලුත් හාම්පුතුන්ට

Akila Saturday, 01 June 2024 01:40 PM

රටේ වෙනත් අර්බුද නැති කාලේ පාඩු ලබන රාජ්‍ය ආයතන වල ප්‍රශ්න විසදන්නේ නැතිව බිලියන් ගණන ණය අරගෙන රට බංකොලොත් වෙන්න පාර කපපු පිනා කොහොමද කටක් ඇරලා වෙන සමාගමක නිසි කළමනාකාරිත්වයක් නැති නිසයි පාඩු ලබන්නේ කියල චෝදනා කරන්නේ ?

:       87       43

DHARMATILEKE Saturday, 01 June 2024 02:22 PM

තේ කර්මාන්තයේ අවසානයක පෙර නිමිති

:       68       36

mangala Saturday, 01 June 2024 04:03 PM

ඔක්කෝටම කලින් අර වතුකරේ ඉන්න බල්ලාව බැඳලා දැම්මොත් හොඳයි. කාව හරි හපාකන්න කලින්...!

:       3       46

ජයනාත් Saturday, 01 June 2024 09:09 PM

තේ පාඩුව කෝටි 51000 කියන කතාව මෙයා දන්නවද .

:       0       0

Vithana Sunday, 02 June 2024 05:46 AM

කම්කරුවාට සෙතක් සලසන්න හදනකොට ඒකට වැඩියෙන්ම අකුල් හෙලන්නේ කම්කරුවා වෙනුවෙන් පෙනී හිටිනවා කියන ජේවීපී එකයි. ඇත්තටම ජේවීපී එක පෙනී හිටින්නේ ධනපති හාම්පුතාලා වෙනුවෙන් ඔවුන් ගෙවන කප්පම් මුදල් නිසා. අපිට මතකයි නේ 87-89 කාලේ තේ ෆැක්ටරි හැත්ත ගානක් ගිනි තියලා වනසලා, තේ දළු කැඩීම තහනම් කරලා කම්කරුවා වෙනුවෙන්, රටේ තේ වගාව වෙනුවෙන් ජේවීපී එක කරපු සේවය. ඒකම තමයි මේ වෙන විදි වලින් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site