IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හොර නැදුන් දැව රජය බාරයට

රත්නපුර කරංගොඩ පෞද්ගලික ඉඩමකින් බලපත් රහිතව කපා ඉවත්කළ නැදුන් ගස් විසිතුනක් සම්බන්ධ නඩුවේ තීන්දුව ලැබෙන තෙක් එම දැවතොගය රාජ්‍ය දැව සංස්ථාව භාරයේ තබන ලෙස රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා නියම කළේය. මෙම නඩුව මැයි මස 02 දිනට කල් තැබිණ.

සමනල ස්වභාවරක්‍ෂිතයේ ස්ථානභාර අඩවි ආරක්‍ෂක නිලධාරී චමත් ලක්‍ෂමන් පෙරේරා මහතා විසින් මෙම නඩුව පවරා ඇත.

කුරුවිට තෙප්පනාව මැදගම වයි. ඕ. අමරවර්ධන සැකකරුවාය.

වනසත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ 32 (අ) 01 වගන්තිය යටතේ  බලපත් රහිතව මෙම නැදුන් ගස් කපාදැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔහුට චෝදනා ගොනු කර ඇත. නැදුන් ශාක ශ‍්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ රත්නපුර ප‍්‍රදේශයේ පමණක් බහුලව දැකිය හැකි ශාක විශේෂයක් වන අතරම එය ජෛව පාරිසරික තුලනයේදී පසේ තෙතමනය ර\ පැවත්මට බෙහෙවින් උපකාරීවන ප‍්‍රබල ස්වභාවික ආධාරකයක් බවද    නැදුන් ගසක ඵලදායී  ආයු කාලය වසර සියගණනක් පවතින බවද මේ පිලිබඳව අධිකරණයදී කළ කරුණු දැක්වීමේදී ස්ථාන භාර අඩවි ආරක්‍ෂක පැවසුවේය.



අදහස් (0)

හොර නැදුන් දැව රජය බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site