IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හාර කෝටියක වල්ලා පට්ටා රේගු කටේ වැටේ

රුපියල්  තුන් කෝටි අසු හතර  ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා  කීවේය.

සැකකරුවෝ වයස අවුරුදු 30,40 සහ 55 වියේ පසුවෙති.

අත්අඩංගුවට ගනු ලැබු වල්ලා පට්ටා තොගයේ බර කිලෝග්‍රෑම් 48 කි.

 සැකකරුවෝ  අද (20) උදෑසන යු.එල් 121 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටනායකට පැමිණ ඇති බවත් මෙම වල්ලා පට්ටා ගමන් මළු තුනක බහා  රැගෙන යාමට උත්සහ කළ බව  රේගුව කියයි.

මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  උපදෙස් මත රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර  රේගු අධිකාරි ු නුවන් අබේනායක, මනෝජ් සමරසේකර, මංජුල කුමාර, තිලංක සමරවීර, චින්තක ශ්‍යාමාල්, නිරෝෂා විෙජ්තුංග යන නිලධාරීහු සිදු කරති.


 

 



අදහස් (0)

හාර කෝටියක වල්ලා පට්ටා රේගු කටේ වැටේ

කෝලිත Monday, 21 April 2014 12:51 AM

ෆොටෝ එකේ දකුණු පැත්තේ ඉන්න කෙනා රේගුවට අලුත් මුහුණක් නේද? (නදී)

:       0       0

අතුල Monday, 21 April 2014 09:32 AM

මම නම් හිතන්නේ මේක අපට ආනයනය කරලා මුදල් උපයන්න පුළුවන්. ඇයි මේක තහනම් කරල තිබෙන්නේ. (අ)

:       0       0

අජිත් Monday, 21 April 2014 09:42 AM

ප්‍රමිතියක අනුව මෙම ගස් කපන්න ඉඩ දුන්නොත් මේ ගස් රැක ගන්න පුළුවන් නැත්නම් මේ ශාඛය විනාශ කරනවා. (අ)

:       0       0

රේමන්ඩ් Monday, 21 April 2014 11:02 AM

පළමුව මෙම රේගු නිලදාරින්ට ස්තුති කලයුතුය. අඩු ආර්ථික ශක්තියක් ඇති පුද්ගලයින් රේගු නිලදාරින් ලෙස බැදුණු පසු ලක්ෂ ගණන් වටිනා වාහන සහ කෝටි ගණන් වටිනා නිවාස සාදන්නේ කෙසේ දැයි කියා සොය බැලුවොත් බහුතරයක් අවංක රේගු නිලදාරින්ට ගෞරවයක් වන අතර රටේ ආර්තිකයත් හොද වනු ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site