IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘හොරු එක්ක අපි එකතුවෙන්නේ නෑ“

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, පාදඩ දේශපාලඥයන්ට නාමයෝජනා දෙන කිසිම පක්ෂයක් සමග එක්ව කටයුතු නොකරනබව ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ මිරිගම දී කීහ.

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් හිමියෝ මී බව ප්‍රකාශ කළහ.

‘‘ බ්‍රිතාන්‍යයන්ගෙන් පස්සේ මේ රටට නායකත්වය දුන්නේ සේනානායකලා, බණ්ඩාරනායකලා වගේ ඉඩම් හිමි ප්‍රභූවරු. නමුත් මනාප ක්‍රමයෙන් ලංකාවේ විශාල වෙනසක් ඇතිවුණා. මේ නිසා පාර්ලිමේන්තුවට ගියේ බලයයි, සල්ලියි තියෙන අය විතරයි. මේ ක්‍රමයෙන් පැරදුණු අයත් පාර්ලිමේන්තුවට ගියා. මනාප ක්‍රමයෙන් පාර්ලිමේන්තු යන්න පුළුවන් වුණත් ලොකු පක්ෂවලින් පාර්ලිමේන්තුවට ගියේ සල්ලි තියෙන කෙරුම්කාරයන් විතරයි. බාර්දාගෙන, එන්.ජී.ඕ. සමග එකතුවෙලා, කුඩු බිස්නස් කරලා එහෙමත් නැත්නම් දේශපාලනයෙන් කොරකම් කරලා තක්කඩි දේශපාලනයේ නිරතවෙමින් සල්ලිකාරයන් වෙච්ච අය පාර්ලිමේන්තු යන මේ ක්‍රමය වෙනස් කරනන් ඕනෑ. පසුගිය කාලේ දූෂිත මැති ඇමතිවුරු, වැඩක් නොකළ අය ඉවත් කිැරීම අවස්ථාව ඉදිරියේ දී ජනතාවට ලැබෙනවා.

එක්සත් ජාතික පක්ෂයත් වැඩ කරන්නේ මේ විස්ස සම්මත නොවන තැනට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නේ නැහැ තම පක්ෂය පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ බව. අපි වැඩකරන්නේ හෙළ උරුමේ විදියට හිතලා නොවෙයි. රටේ ආණ්ඩුක්‍රමයේ වෙනසක් ඇතිකරන පුළුල් ජාතික බලවේගයක් ලෙස. මේ වෙනුවේන අපි පෙනී සිටිනවා.



අදහස් (0)

‘‘හොරු එක්ක අපි එකතුවෙන්නේ නෑ“

ලක්මාල් Sunday, 21 June 2015 07:39 AM

ඔබ වහන්සේ සිදු කරන්නේ සාමාන්‍ය ජනාය සංසාර දුකෙන් මුදවා ගැනීම නොවෙයි. (නදී)

:       0       0

විජයබාහු Monday, 22 June 2015 08:38 AM

ඔබ වහන්සේගේ ගැන අපි දැන් දන්නවා. එකහින්ද ඔව්වට අපි අහුවෙන්නේ නැ (ම)

:       0       0

සිදත් ලවන් Sunday, 21 June 2015 07:59 AM

මොකද්ද ඉලක්කය.? කා ගැනද මේ කියන්නේ.? කවුද පාර්ලිමේන්තුවට යවන්න ඕන.? "පුළුල් ජාතික බලවේගයක්"ය කියලා කීවට හෙළ උරුමයට සහ එහි සාමාජිකන්ව පසුගිය මැතිවරණයෙන් පසු රටේ ජනතාවගේ හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැති බව දන්නවා නේද.? ඒක නිසාම අපි හෙළ උරුමය විදිහට කියනවා නෙවෙයි කියලා කියනවා. කොහොම උනත් මහජනයා දන්නවා මහින්ද භීතිකාවකින් බොහෝ දෙනෙක් පෙලෙන බව. ඒ වගේම මහජනතාව පහුගිය ඡන්දෙන් පස්සේ ලද ප්‍රතිපලයෙන් වේදිකාවල හාමුරුවරු ඇතුළු මුසා බස් දොඩන පිරිස් කියන දේවල් පට්ටපල් පච බව දැන් දැනගෙන හමාරයි. ඒ නිසා මැතිවරණය සහ එහි ප්‍රතිපල දැනටමත් මහනජයා දන්නවා. වෙනසක් කියලා පත් කරගත් නායකයා සේරම කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන විරුද්ධවාදියාට පවරලා අහක බලාන ඉන්නවා. එකෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොත් අතරමන් උනා. (බ)

:       0       0

ගුණරතන Sunday, 21 June 2015 08:03 AM

කිසිම කෙනෙකුට වැඩක් කරන්ට දෙන්නේ නැහැ. ලෙඩ දානවා. (බ)

:       0       0

ඉන්දික Sunday, 21 June 2015 08:06 AM

දැන් ඔක්කොම හොරු. හොරු කරන්නේ අනිත් අයට හොරු ලෙස ඇගිලි දිගු කරමින් සිටීම පමණි. අපිට කවුද හොරු සහ හොරු නොවෙන්නේ කියන එක නෙමෙයි වැදගත්. සමාජයේ දියුණුවයි වැදගත්. දැන් ප්‍රයෝගිකව වැදගත් දෙයක් කතා කරන්න කෙනෙක් නැහැ. කිසිම වැදගත් සංවාදයක් කරන්නේ නැහැ සමාජයේ දියුණුවට හේතු වෙන.(බ)

:       0       0

පියලාල් Sunday, 21 June 2015 08:07 AM

ඉන්න හවුලේ හොරු නැද්ද? (බ)

:       0       0

වෙසමුණි යහපාල Sunday, 21 June 2015 08:53 AM

දැන් ඉන්නේ පිවිතුරු අයත් එක්කද? (හේ)

:       0       0

වින්සන්ට් Sunday, 21 June 2015 09:45 AM

කියන දේ වෙන්නේ නෑ කවදාවත්ම.(හේ)

:       0       0

වින්සන්ට් Sunday, 21 June 2015 10:08 AM

නව යහපාල කෙනෙක්, සාදරයෙන් පිළිගනිමු. (හේ)

:       0       0

සංජය Sunday, 21 June 2015 11:02 AM

ලබන ඡන්දෙන් පස්සේ මෙයාලට බණක් දහමක් කරගෙන ඉන්නයි වෙන්නේ (බ)

:       0       0

හර්ෂ ලාල් Sunday, 21 June 2015 11:21 AM

මහජනතාව ඔහේලව ගන්න ඉඩ තියන එකකුත් නැහැ (නදී)

:       0       0

වයිකෝ Sunday, 21 June 2015 11:30 AM

මොකද පාර්ලමේන්තුව ව්සුරවන්නේ නැත්තේ (නදී)

:       0       0

ගුණසේකර Sunday, 21 June 2015 11:31 AM

මහින්ද පරද්දන්න ඔබ වහන්සේලාට පුළුවන් උනා. ඉතිරි හොරු ටිකත් පරද්දල රට ගොඩගන්න උදව් කරන්න. නිවන් දකින්න පුළුවන් වෙන්නේ රට තිබුනොත් විතරයි. (නදී)

:       0       0

ප්‍රකාශ් Sunday, 21 June 2015 12:20 PM

ඔබගේ පට්ටපල් බොරු ජනතාව මින් ඉදිරියට පිළිගන්නේ නැහැ.වෛරී දේශපාලනයේ හවුලේ ගැත්තෙකු වීම පාපයක් (බ)

:       0       0

ඇසළ Sunday, 21 June 2015 12:23 PM

ඊළඟ ඡන්දෙන් පස්සේ නිකම්ම නිවන් දකින්න පුළුවන්. බුදු දහම අනුව සාසනයට වැඩක් කරගෙන යන එන තැනකට පෙර පිනක් කරගෙන ඉන්න. නිකන් පව් පුරවන්නේ නැතුව දේශපාලනේ කරන්න ඇවිත්.(බ)

:       0       0

බණ්ඩාර කැකිරාව Sunday, 21 June 2015 12:35 PM

අනේ මගේ කට බොහොම අමාරුවෙන් වහගෙන ඉන්නේ. අපි දැන් හොදටම දන්නවා හැමෝගෙම කෙරුවාව. (නදී)

:       0       0

ජනක Sunday, 21 June 2015 06:41 AM

මතකනැද්ද බෙන්ස් කාර් විකුණලා පර්මිට් එකට ගත්තු නිකන් සවුත්තු වෙලා ගියා .ඕගොල්ලෝ කියල අමුතු කට්ටියක් නෙවෙයි නේ (බ)

:       0       0

සරත් Sunday, 21 June 2015 07:07 AM

හොරු හොරු මේවා දැන් නිතර ඇහෙන කතා මේ සේරම මඩ දේශපාලන වාසි කතා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site