IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිරේ ඉන්න රන්ජන්ට ඊෂි කෑස් ක්‍රමයට දුරකතනයක්:පරීක්ෂණ සීඅයිඩීයට

(සුජිත් හේවාජූලිගේ)

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කිසියම් පුද්ගලයකුට ‘‘ඊෂි කෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඒ අනුව මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ සඟවා තිබියදී එහි බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.



අදහස් (4)

හිරේ ඉන්න රන්ජන්ට ඊෂි කෑස් ක්‍රමයට දුරකතනයක්:පරීක්ෂණ සීඅයිඩීයට

Bamunuarachchi Tuesday, 16 March 2021 11:16 AM

එයාගේ වැඩ ඔක්කොම ඊසි කෑෂ් ක්‍රමයට බව අපි හඬපටවලින් දැනගත්තා.

:       30       46

Demuni Uduwara Tuesday, 16 March 2021 08:40 PM

ඔහු හොරෙක් නොවේ... දෙවියන් උඩ ඉන්නවා.

:       1       12

BamunuarachchiWednesday, 17 March 2021 11:25 AM

දෙවියෝත් හඬපට අහලා තමයි තීන්දුව දුන්නේ මන් හිතන්නේ... එකක් ෂුවර් මේ හාදයාව දිව්‍යලෝකෙට නම් ගෙන්වන එකක් නැහැ...

:       2       0

මුණසිංහ Wednesday, 17 March 2021 02:23 AM

මෙන්න ජනතා හිතවාදීන්ගේ වැඩ... සජිත්ලා මේ ගැන මොකද කියන්නේ? මෙහෙම එළිපිට නීති කඩන අය තමයි නිදහස් කරන්නත් කියන්නේ...

:       15       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 692 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site