IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොර අඹ ගෝනි පිටින් හිරවෙයි

දඹුල්ල කළුන්දෑවේ අටක පමණ විශාල  අඹ වත්තක රුපියල් ලක්ෂ තුනක පමණ අඹ හොරෙන් කඩාගෙන ලොරියක පටවාගෙන ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ වර්ගයේ අඹ ගෙඩියක සිල්ලර මිල රුපියල් 150ක් 200ක් වේ. කිලෝවක තොග මිල රුපියල් 300කි.

අඹ මිලට ගැනීමට ආ බව කියන පුද්ගලයාද සොයන බව පොලිසිය කියයි.

ටී.ජේ.සී යනුවෙන් හැඳින්වෙන මෙම වර්ගයේ අඹ ගෙඩියක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 600ක් බර බවත් ඕස්ට්‍රේලියාවෙන්, ෆ්ලොරිඩාවෙන් හෝ මලයාසියාවෙන් අසූව දශකයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට ඇති බවත් කියති. මෙම අඹ ටී.ජේ.සී යනුවෙන් 2003 දී කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේදී ලියාපදිංචි කර ඇති බවත් දැනගන්නට ඇත.

20160126_180142 20160126_180153 20160126_180209 20160126_180220



අදහස් (0)

හොර අඹ ගෝනි පිටින් හිරවෙයි

ඉන්ද්‍රජිත් Wednesday, 27 January 2016 09:00 AM

මේවා විනාස වෙන්න දෙන්න එපා...නඩුව ඉවර වෙනකම් මේ අඹ තියාගත්තොත් මේවා නරක වෙනවා....මේවා මිලකට විකුණලා ..අසරණ ළමයින්ට එ් මුදල් වලින් පොත් පත් අරන් දුන්නොත් වටිනවා (කෞ)

:       0       0

අබේරත්න Wednesday, 27 January 2016 10:01 AM

ටී.ජේ සී. කියන්නේ ටොම්,ජුවාන්.කාලෝස් යන නම් තුන මුලික කරගෙන .ටොම් එල්ලාවල ශ්‍රී ලාංකිකයා සහ ජුවාන් කාර්ලොස් යන පිලිපීන ජාතික කෘෂි විශේෂඥයා විසින් මෙම අඹ වර්ගය සොයාගෙන ඇත. එ්ත් මෙතන ප්‍රශ්නය ඇත්තේ අඹ වර්ගයේ නොවෙයි. සොරකමයි. (බ)

:       0       0

ගයාන් Wednesday, 27 January 2016 10:07 AM

මුන්ව අල්ලලා කොටදෙණියාව පොලිසියට බාරදෙන්න තියෙන්නේ (බ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 27 January 2016 10:09 AM

මේ තරම් අඹ තොගයක් හොරෙන් කඩන කම් කව්රුත්ම දැකලා නැති එක තමයි පුදුමේ (බ)

:       0       0

විජිත් Wednesday, 27 January 2016 10:09 AM

කුමාර් (ගල්ෆ් ) ඔබ හරි, මේ අති විශේෂ අඹ වර්ගය අභිජනනයකොට හඳුන්වාදෙනු ලැබුවේ, එල්ලාවල කෘෂි නිෂ්පාදන ආයතනයේ සභාපති ටොම් එල්ලාවල මහතායි. ටි ඊ ජේ සි යන අකුරු හතර ලැබුනේ ...ටි = ටොම්, ඊ = එල්ලාවල කෘෂිනිෂ්පාදන, ජේ සි ලැබුනේ, අභාවප්‍රාප්ත ආචාර්ය. ජුවන් කාර්ලොස් නමැති පිලිපීන ජාතික කෘෂි විද්‍යාඥයා ගේ නමේ මුල් අකුරුවලින්.මේ ආයතනයට නව අඹ විශේෂයන් හඳුනාගෙන, නවිනතක්ෂණයෙන් ඒවා දියුණුකර හඳුන්වාදෙන්නට අවශ්‍ය උපදෙස් ලැබුනේ මේ ජුවන් කාර්ලොස් නම් විද්‍යාඥයා ගෙනි. අක්කර 140 කින් සමන්විත " රජරට ෆාම් " නමින් හඳුන්වන මහවැලි කලාපයේ ඇති මේ නවීන කෘෂි වගා බිමෙන්,නොයෙකුත් කෘෂි නිෂ්පාදන නවීන තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කරයි. (බ)

:       0       1

අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 27 January 2016 10:29 AM

දැන් ඉතින් අයිතිකාරයාටත් නැහැ හොරාටත් නැහැ. කන්නේ කවුද කියලා දන්නවානේ ? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 27 January 2016 06:44 AM

මෙය ලංකාවේ දියුණු කළ අඹ විශේෂයක්, මේ වර්ගය හැදුවේ "ටොම් එල්ලාවල" නමැති කෘෂි විශේෂඥයෙක්. (බ)

:       0       0

නාරද Wednesday, 27 January 2016 06:44 AM

මේ අඹ අල්ෆොන්සු ද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site