IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය  විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තැපැල්පතිවරයා මෙසේද පවසයි.

ලෝක පැපැල් දින ජාතික සැමරුම් උළෙල අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එම සැමරුම් උළෙල සඳහා විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වූ අතර 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව පැපැල් සංගමයේ 150 වන සංවත්සර සමරු මුද්දරය නිකුත් කිරීම ද එහිදී සිදුවිය.

අනතුරුව මෙම ජාතික උත්සවය සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිතයින් දෙපල වෙත, ඔවුන්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුලත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීම සිදුවිය.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් කාණ්ඩ කිහිපයක් යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර, 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව නැපැල් සංගමයේ 150 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සමරු මුද්දර කාණ්ඩයටත්, උත්සවයේ ආරාධිතයින් දෙපල වෙත තිළිණ කරන ලද

පුද්ගලකාරක මුද්දර කාණ්ඩයටත් අයත් වේ. සැමරුම් සඳහා නිකුත් කරනු ලබන මුද්දර සමරු කාණ්ඩයටත් එදිනෙදා තැපැල් කටයුතු සඳහා භාවිතයට ගැනීම සඳහා විශාල සංඛ්‍යාවන්ගෙන් මුද්‍රණය කරනු ලබන මුද්දර, නිත්‍ය කාණ්ඩයටත් අයත් වේ.

තවද පුද්ගල කාරක මුද්දර, ඕනෑම පුද්ගලයෙකුට තමා නැමති රුවක් යොදා මුද්‍රණය කර ලබා ගැනීමට හැකියාව ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව, සම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර, සිහිවටන ලෙස ලබා දීම සිදු කරනු ලැබේ.

මෙය හුදෙක්ම සිහිවටක තිළිණයක් පමණි.

එහෙත් මේ වන විට මෙම සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යයන් තුල පුවතක් හුවමාරු වෙමින් පවතී.

2024 ලෝක කැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබුවේ විශ්ව තැපැල් සංගමය විසින් සියළුම සාමාජිකරටවල මුද්දර සඳහා යොදා ගැනීමට නිර්මාණය කරන ලද චිත්‍ර ආකෘති ඇසුරෙන් නිර්මාණය කරන ලද මුද්දර දෙකක් වන අතර, එම මුද්දර සහිත මුල්දින කවරවල ඡායාරුප මේ සමග අමුණා ඇත.

තවද මෙවර ලෝක පැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය තුමියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුලත් මුද්දර නිකුත් නොකල බවද වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (6)

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි

සිල්වා Thursday, 10 October 2024 01:27 PM

තැපැල් දෙපාර්තමේන්තුව කරපු වැඩේ නම් නියමයි. දේශපාලන වේදිකාවට තවත් ලුණු ඇඹුල්...!

:       0       0

ඇස්නේෂන් ජයමහ විශ්රාමික මුද්දර කාර්යංශ අධ්‍යක්ෂ Thursday, 10 October 2024 01:30 PM

එම මුද්දර කාණ්ඩ පලමුව නිකුත් කලේ මා එහි අධ්‍යක්ෂ වශයේන් කටයුතු කල 2019 වර්ෂයේදීයි. තැපැල්පති වරයාට වැරැදි උපදෙස් ලැබිලා තියෙන්න පුළුවන්. මේවා නිකුත් කළයුතු ආකාරයන් දැක්වෙන නීති කොටස් මමත් එවකට නිපෝමාජ සිටි ගාමිනී මහතාත් එකතුව නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් සාකච්ඡා කොට සකස් කලා. ඒවා ඇති කියවා ගන්න කියන්න. කෙසේ නමුත් අපේ නමක්වත් සඳහන් වෙන්නේ නැහැ. කණගාටුයි ලංකාවේ හැටි ඔහොම තමයි. ඒවා පළමුව නිකුත් කලේ මගේ සංකල්පයක් අනුවයි. මගේ පොටෝ එක ඇතුලුව හෙඩ් ලයින් ගියා එය මා ගාව තිබෙනවා මහත්මයා. එවකට තැපැල් පති හිටියේ ඇම් කේ බී දිසානායක මහතායි. එහිදී මා විසින් අලුත් ප්‍රොඩක්ට් ගණනාවක් නිකුත් කර දෙපාර්තමේන්තුවට මුදල් උපයා දුන්නා. වැරැදි ආකාරයෙන් නීතියට පිටින් ගොස් නිකුත් කරන්න ගොස් මොකක් හරි අවුලක් දැන් ඉන්න තැපැල්පතිතුමා කරගෙනද දන්නේ නැහැ මහත්මයා..? මම දැන් මාලිමාවේ කොට්ඨාශ සභාවක උපදේශක කෙනෙක් මහත්මයා...

:       0       1

himal Thursday, 10 October 2024 03:38 PM

හරි ඒවා සිහිවටන කියමුකෝ, එයාලා එහෙම මුද්දර ඉල්ලුවාද? කව්ද සල්ලි ගෙව්වේ?

:       0       0

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Thursday, 10 October 2024 04:28 PM

හැමෝම කරන්නේ කන්න ඕනෑ වුනාම කබරගොයා තලගොයා කරන එක. JVP එකත් කලේ ඒකමයි....

:       17       10

Pradeep KumaraThursday, 10 October 2024 09:04 PM

ආචාර්‍ය තුමාට: විශේෂ අවස්ථාවන්හිදී සමරු මුද්දර නිකුත් කිරීම තැපැල් සේවයේ සාමාන්‍ය පටිපාටියයි. මෙම සමරු මුද්දර ජනතාව වෙත භාවිතය සඳහා නිකුත් නොකරන අතර එය හුදු සමරු මුද්දරයක්ම පමණයි. මොන ආචාර්‍ය පදවි දැරුවත් සාමාන්‍ය දැනුම නොමැතිනම් කුමක්ද ඉන් ඇති ඵලය. අනික මෙවැනි කමෙන්ටුවකටත් තමන්ගේ පදවි තානාන්තර ඇතුල් කිරීමට තරම් මානසිකත්වයක් නම් තියෙන්නේ එවැනි අයගේ උගත්කම ශෝචනීයයි.

:       0       2

ගමේ එකාලා Thursday, 10 October 2024 04:40 PM

දූෂිත දේශපාලුවන්ට කඩේ ගිය, ඔවුන්ගේ අසූචී කාපු අයට දැන් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ...!

:       4       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28542 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18199 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11028 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site