IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හැරිස් විජයසිංහයන්ගේ Bridal Elegance

වර්ෂ 1972 දී මංගලිකා වීරසේකර යුවතිය මනාලියක ලෙස හැඩගන්වමින් ඇරඹි රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජයසිංහයන්ගේ දශක හතරකට අධික මනාලියන් ඇන්දවීමේ කලාවේ ප්‍රවීණත්වය පසුගියදා (21දා) කොළඹ ගලදාරි හෝටලයේ සම්භාෂණ ශාලාවේදී පැවති Bridal Elegance මනාලියන් දැක්මේදී මනාව විදහා දැක්විණි.

Bridal Elegance එළිදුටුවේ වත්මන් හරසුන් අරමුණු හදවතින් උනා දමා චාම් ලෙස මනාලියක ලෙස හැඩවිය යුතු අන්දම අලුත් පරපුරකට කියා දීමට වීම විශේෂත්වයකි. නිරූපිකා චුලක්ෂි වී කරල් මල්කළඹ අතරැඳි මනාලියක ලෙස පැමිණි ආකර්ෂණීය ආගමනයෙන් ඇරඹි " Bridal Elegance " මනාලියන් දැක්ම අචලා අලස්, යශෝධා විමලධර්ම, ජෙරල්ඩීන් ඩි.රොසාරියෝ, සුමුදු, අසංකි, අශ්විනි, ඩැනියෙල්, අයේෂා, තරුෂි, නිලූ, තිළිණි යන නිරූපිකාවන්ගෙන් වර්ණවත්විය.

හැරිස් විජයසිංහයන්ගේ අදහස් අනුව කළ ප්‍රදර්ශිත ඇඳුම් අලංකරණය සිසිර අමරබන්දුගේ අධීක්ෂණයෙන් ඔහුගේ "පිංතාරු" ආයතනයෙන් සිදුකළ අතර, මනාලියන් රැගෙන පැමිණ සියලුම මල් කළඹ ලූෂන් ද සිල්වාගේ නිර්මාණය විය. ගල්කිස්ස අමින්රා ආයතනයේ අනුර එලියපුර, පීශ් ඩයමන්ඩ් ආයතනයේ අයේශ් ෆොන්සේකා සමග ජිටානෝ ආයතනයේ ෂර්මන්ති මනාලියන් පැලඳි ආභරණ සඳහා දායකත්වය දක්වා තිබිණි.

පැමිණි පිරිසට බෙදූ මංගල උලෙළක අසිරි මතුකරන රසවත් කේක් අලංකරණයද ෂර්මන්තිගෙනි. 1987 ශ්‍රී ලංකාවේ මුල්වරට පැවති මෙම Bridal Elegance උලෙළින් අනතුරුව 1989 යේදී එංගලන්තයේද, 2002 වසරේදී ඩුබායි රාජ්‍යයේද Bridal Elegance පවත්වා ඇත. මෙවර සිය හතර වැනි Bridal Elegance උලෙළ සංවිධානය කිරීමේ ප්‍රධාන ගෞරවය අර්ජුන සේනානායක, නිලූ සේනානායක, සිසිර අමරබන්දු යන මහත්ම මහත්මීන්ට හිමිවන බව හැරිස් විජයසිංහ අප සමග පැවසීය.

 

සටහන - පද්මකුමා පී. මෙත්තසේන / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

01 DSC_9986-sarawita-02-2015-02-25
DSC_0010-sarawita-02-2015-02-25
DSC_0023-sarawita-02-2015-02-25
DSC_0040-sarawita-02-2015-02-25
DSC_0068-sarawita-02-2015-02-25
DSC_0086-sarawita-02-2015-02-25
DSC_0091-sarawita-02-2015-02-25
DSC_0095-sarawita-02-2015-02-25
DSC_0101-sarawita-02-2015-02-25
DSC_0117-sarawita-02-2015-02-25
DSC_0161-sarawita-02-2015-02-25
DSC_0175-sarawita-02-2015-02-25
DSC_0177-sarawita-02-2015-02-25
DSC_0201-sarawita-02-2015-02-25
DSC_0219-sarawita-02-2015-02-25
DSC_0222-sarawita-02-2015-02-25
DSC_0227-sarawita-02-2015-02-25
DSC_0246-sarawita-02-2015-02-25
DSC_0252-sarawita-02-2015-02-25
DSC_0275-sarawita-02-2015-02-25
DSC_0283-sarawita-02-2015-02-25
DSC_9966-sarawita-02-2015-02-25
DSC_9972-sarawita-02-2015-02-25

 



අදහස් (0)

හැරිස් විජයසිංහයන්ගේ Bridal Elegance

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site