IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙරොයින් සමඟ එස්.ටී.එෆ්.පීසී අත්අඩංගුව

(ඉන්දිකා  රාමනායක)

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාලිගාවත්ත පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (17)රාත්‍රියේ අපරාධ නිවාරණ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී මාලිගාවත්ත සමාධි විහාරස්ථානය අසල දී කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නෙල්ලිඅඩි විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකු බවට හෙළි හෙළිවූ බව පොලිසිය පවසයි.

සැකකරු කඳවුරෙන් නිවාඩු පැමිණ සිටියදී මෙලෙස හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත.

 



අදහස් (5)

හෙරොයින් සමඟ එස්.ටී.එෆ්.පීසී අත්අඩංගුව

Samitha S. Aluthgamage Tuesday, 18 April 2023 09:40 AM

පොලීසිය හා ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ වී තිබීම එම උවදුර මර්ධනය කිරීමට තිබෙන ප්‍රධාන ගැටලුවක්.දැනට සිටිනා ආරක්ෂක ඇමතිවරයා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත යුතුයි.ඒත් එවැන්නක් ගැන පේන්නේ නම් නැහැ.එදා කුඩු නඩුවකදී,එක්තරා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ ක්‍රියා කලාපය ගැන විනිසුරුවරුන් මවිතයට පත්වූ බව සඳහන් ප්‍රවෘත්ති පලවී තිබෙනු දුටුවා.කෙසේ වෙතත්,මේ වැටලීම් කරනා අවංක නිලධාරීන් හට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.

:       0       2

පැරකුම් Tuesday, 18 April 2023 10:12 AM

පේනව නේද ලොකුවට සද්ද දාල අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන දේ. අපි කොච්චර කිව්වත් වැඩක් නෑ. ඉහල බලධාරීනුත් ඒවට සපෝට්…!

:       0       1

Ananda Tuesday, 18 April 2023 01:23 PM

ඔන්න නිවාඩුවෙනුත් ප්‍රයෝජනය ගන්න පොලිස්කාරයෝ. අතඩංගුවට ගන්න කුඩු ලස්සනට එයාලම විකුනනව.

:       0       0

ගනේගොඩ Tuesday, 18 April 2023 01:48 PM

දැන් පොලිසිය හෙරොයින් විකිණීම පටන්ගත්තාම, කවුද කුඩුකාරයන් අල්ලන්නේ .. ?

:       0       0

මුදියන්සේ...... Tuesday, 18 April 2023 05:20 PM

මතකද කලකට පෙර පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ප්‍රාදේශීය කාර්යාලය භාවිතා කරමින් කුඩු බෙදා හැරීම සිදු කළ ආකාරය. කෙසේ නම් මෙරට කුඩු සංහාරයක් කළ හැකි වේද ? බලා සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site