IMG-LOGO

හොරොයින් කිලෝ 340 කොළඹ වරායට

(ඉන්දිකා  රාමනායක)

ජාත්‍යන්තර මුහුදේ  දකුණු  මුහුදු  සීමාවේ දී   අත්අඩංගුවට ගත්  හොරොයින් කිලෝ 340 ක තොගය  අද (25) දහවල්  නාවික හමුදාව විසින් කොළඹ වරයා වෙත රැගෙන එනු ලැබීය.

මෙම හෙරොයින් තොගය සමග  අත් අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනකු  යාත්‍රා  දෙකක් ද වරායට රැගෙන  ආ බව නාවික හමුදාව කියයි.

මෙම සැකකරුවන් අතර  මත්ද්‍රව්‍ය ප්‍රවාහන සදහා යොදා ගත්   කුඩා වැල්ලේ  ව්‍යාපාරිකයකුට අයත්   “සුරේෂ් පුතා”යාත්‍රාවේ   නියමුවා ඇතුලු එහි  හය දෙනකු,   සුරේෂ් පුතා යාත්‍රාවේ හිමිකරු හා ඔහුගේ පුතුන් තිදෙනා  සහ තවත් සැකකරුවකු,  මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙය  යාමට  ත්‍රිකුණාමලයේ සිට ගැඹුරු මුහුද වෙත ගොස් සිටි “ඕෂන් පුතා” යාත්‍රාවේ නියමුවා ඇතුලු පස්දෙනකු ද  සිටියහ.

අත්අඩංගුවට ගත් මෙම හොරොයින් කිලෝ 1  වශයෙන් පාර්සල තුළ අසුරා තිබු අතර   එහි විවිධ    වර්ගයේ අංක යොදා තිබෙනු දක්නට ලැබිණි.

මෙම හොරොයින් තොගය  නිරීක්ෂණය සදහා ආරක්ෂක ලේකම්  ජෙනරාල් කමල් ගුණරත්න සහ  නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න යන මහත්වරුන් ද කොළඹ වරාය වෙත පැමිණ සිටියහ.

 (ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



අදහස් (3)

හොරොයින් කිලෝ 340 කොළඹ වරායට

nalaka Tuesday, 25 January 2022 04:55 PM

ලංකාවට මත්ද්‍රව්‍ය ගේන්න සාමාන්‍ය මිනිස්සුන්ට, බෝට්ටුවක් තිබුණත් අසීරුයි. ලංකාව කියන්නේ ඇතුලේ මණ්ඩලේ කචල් වෙලා ඉහළම කුඩ්ඩව අල්ලා ගත්තාම ජනාධිපති ගිහින් බදාගත්තු රටක්. පස්සේ ඒ කුඩ්ඩා රටේ ඇමැති වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් අල්ලනවා. හිරේත් දානවා. හැබැයි කුඩුටික එළියට එනවා ටික දවසකින්.. මේවා චිත්‍රපටි.. නළුවොත් ඔවුන්ගේ.. තිර රචනයත් ඔවුන්ගේ.. අපි 78 වසරක් බලන් ඉන්නවා.

:       7       22

fairoos Tuesday, 25 January 2022 07:50 PM

මේ අල්ලන කුඩු ටික ආපහු මාකට් එකට එන්නේ කොහොමද කියලත් හොයලා බැලුවොත් හොඳයි... ඇමැති කෙනෙක්ට යනවා නම් අවුලක් නෑ.

:       4       18

IRSHAD Wednesday, 26 January 2022 10:33 AM

නරකද මේවා අල්ලගත්ත ගමන්ම ගිනි තිබ්බොත්.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 613 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site