IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


හොරෙන් රට යන්න ගිහින් නාවික හමුදාවට මාට්ටු

(ඉන්දිකා රාමනායක)

කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ ඊයේ  සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ  විදෙස් ගත වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව සහ හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පි 4443 වේග ප්‍රහාරක යාත්‍රාව, මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් ඇති අතර එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැක කෙරෙන ජාවාරම් කරුවන් දෙදෙනකු ඇතුළුව වයස අවුරුදු 12ත් 50ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් 17ක්, එක් කාත්තාවක් (01) සහ පිරිමි දරුවකු සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයටගත් බහුදින ධිවර යාත්‍රාවේ අබලන් තත්වය සහ මුහුදේ රළු ස්වභාවය මත  එම බහුදින ධිවර යාත්‍රාව ගොඩබිමට ඇදගෙන එමින් සිටියදී මුහුදු බත් වී ඇති අතර, නාවික හමුදා බාරයටගත් නීති විරෝධි ලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිස සහ ජාවාරම් කරුවෙන් දෙදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.



අදහස් (3)

හොරෙන් රට යන්න ගිහින් නාවික හමුදාවට මාට්ටු

vikum Thursday, 19 May 2022 02:09 PM

ජීවත් වෙන්න සල්ලි නැත්තම්, කන්න බොන්න නැත්තම්, අඩුම වීල් එකක් දුවලා කීයක් හරි හම්බ කරගන්න විදියක් නැහැ.. මිනිස්සු රට අතහැර යන්නේ අවසාන විසඳුමක් විදියට මිසක්... යන මිනිස්සුන්ට යන්න දෙන එක තමයි දැනට තියෙන විකල්පය...!

:       0       4

Chinthaka Thursday, 19 May 2022 03:32 PM

මේ තරුණයන්ටවත් අනාගතයක් තියෙන්න ඕනේ. රට යන්න හදන්නේ ජීවත් වෙන්න මෙහි ක්‍රමයක් නැති හින්දා, මොන ක්‍රමයකින් හරි යන්න දෙන්න... මෙයාලාව තවත් අගාධයට ඇද දමන්න එපා.

:       0       2

බද්රානි Thursday, 19 May 2022 04:21 PM

මේක දුෂිත පාලකයින් විසින් ජනතාව ග්‍රහණයට ගනිමින් මංකොල්ල කන ජාතීන් වෙසෙන රටක්. කරුණාකර, මේ අධමයින්ගේ ග්‍රහණයෙන් මිදී පැන යන අසරණ ජනතාවට උදව් කරන්න. මේ ජනතාව ජාත්‍යන්තරයේත් අනුකම්පාවට ලක් විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 429 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 870 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site