(ටී.කේ.ජී.කපිල )
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .
31 හැවිරිදි මෙම නයිජීරියානු ජාතිකයා එරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ රැදී සිටින්නෙකු බවට තොරතුරු ප්‍රකාශ කර තිබේ .
මොහු නයිජීරියාවේ සිට ලයිබීරියාවට පැමිණ එතැනින් මොරොක්කෝ රාජ්‍යයට පැමිණ තිබේ . ඉන්පසුව කටාර් රාජ්‍යයට පැමිණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මොහු ගුවන් තොටුපළ වෙත පිවිස ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවෙහි සේවයේ නිරත නිලධාරීන් වෙත බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව ඇතිවූ සැකය මත , ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා විසින් මෙම ලියකියවිලි ගුවන් තොටුපළ තුළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ විමර්ශනය සදහා යොමු කර තිබේ .
එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බව තහවුරු වීමත් සමගම , තමන් ඉකුත් 2022 වසරේ සිට කීප අවස්ථාවකම ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වීසා අයදුම් කර සිටි බවත් , ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ පසුව තම පියා විසින් මෙම බහමාස් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දුන් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ .
අමෙසේ නයිජීරියානු ජාතිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඒ.ටී.එම්.යන්ත්‍ර කඩා මුදල් ගැනීම , ව්‍යාජ දත්ත ඒවාට ඇතුළත් කර මුදල් සොරා ගැනීම ආදී මූල්‍ය වංචා සිදු කිරීම පිළිබඳව දිගින් දිගටම චෝදනාවලට ලක් වීම නිසා , ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවකාශය ලැබෙන්නේ දැඩි සොයා බැලීම් වලින් අනතුරුව අත්‍යාවශ්‍යම පුද්ගලයෙකුට පමණි .
තවදුරටත් මොහුගේ පසුබිම් තොරතුරු විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව , ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සහ එම ගුවන් සේවය වෙත මොහු භාර දී තිබේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හොරෙන් රටට එන්න ආ නයිජිරියානුවා පිටුවහල් කරයි
Nimal Tuesday, 11 April 2023 06:28 PM
බැරිද මෙයා එක්ක අපේ දියවන්නාවේ ඉන්නි බූරුවෝ 225ත් පිටුවහල් කරන්න. ගුවන් ටිකට් ටිකට අපි ගෙවන්නම්.