IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරෙන් ගෙනා වාහන රාජසන්තක කරන්න

(රෝෂන් තුෂාර)

රේගු බදු නොගෙවා හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමමින් සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ රුපියල් මිලියන 200ක් පමණ වටිනා " සුඛෝපභෝගී වාහන" දෙකක් වහාම අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06)අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරමින් දන්වා සිටියේය.

අදාළ සුඛෝපභෝගි වාහන දෙක 2005 වසරේදී මෙරටට ආනයනය කර ඇති අතර සාමාන්‍ය මෝටර් රථ දෙකක් ලෙස ලියාපදිංචි කරමින් සුඛෝපභෝගි වාහන වලින් වාර්ෂිකව රජයට අය විය යුතු බදු මුදල්ද   අහිමි කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටිමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

රේගුවට හොර රහසේ වාහන ආනයනය කිරීමේ හේතුවෙන් රුපියල් මිලියන 140 ක රේගු බද්දක් රජයට අහිමි වී ඇති බවද වාර්ෂිකව එක් වාහනයකින් රුපියල් 25000.00 බැගින් සුඛෝපභෝගී බද්ධ ද රජයට අහිමි වී ඇති බවද කොමිසමපෙන්වා දුන්නේය.

එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) නීතිඥ සම්බන්දප්පෙරුම මහත්මිය  කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.

2005 වසරේ සිට මෙලෙස හොර රහසේ ආනයනය කළ  සුඛෝපභෝගී වාහන එකසිය පනහකට අධික ප්‍රමාණයක් මේ වන විට  අනාවරණය කරගෙන තිබෙනවා.එමගින් රුපියල් කෝටි පන්සියයකට අධික පාඩුවක් රජයට සිදුව තිබෙනවා.

මෙලෙස හොර රහසේ ආනයනය කළ රථයක්, ත්‍රීවිල් රථයක අංකයකට ලියාපදිංචි කිරීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධති වැඩසටහන් සම්පාදක ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට අප කටයුතු කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධි චෝදනා 60ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇති අතර රජයට පාඩු කරමින් අල්ලස් පනතේ 70 වගන්තිය කඩකර දූෂණය යන වරද සිදු කිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා KA1190 මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය සහ KA 1520 toyota වර්ගයේ ජීප් රථය ලබන දහතුන් වැනි දිනට පෙර අත්අඩංගුවට ගෙන රේගුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රාජසන්තක කරන ලෙසට නියෝග කළේය. 



අදහස් (1)

හොරෙන් ගෙනා වාහන රාජසන්තක කරන්න

Rasika Tuesday, 06 February 2024 07:49 PM

මේවගේ කෝටි ගනන් හොරකම් කරපු රාජ්‍ය සේවකයෝ දේශපාලකයන්ටත් වඩා වැඩි ඇති...

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site