තමිල්නාඩුවේ සිට බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු 1200 දෙනකු එම අනතුරුදායක බෝට්ටු ගමනේදී ජීවිතක්ෂයට පත් ඇතැයි දකුණු ඉන්දීය ඕස්ටේ‍්‍රලියා කොන්සල් ජනරාල් ෂෝන් කෙලී මහතා ප‍්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ‘ ද හින්දු ’ පුවත්පත වාර්තා කරයි.
2008 සිට 2013 දක්වා කාලයේ මෙම පිරිස අනතුරුදායක මුහුදු ගමනේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මියගිය පිරිසගෙන් බහුතරයක් ලාංකික සරණාගතයින් බවත් දකුණු ඉන්දීය ඕස්ටේ‍්‍රලියා කොන්සල් ජනරාල්වරයා සඳහන් කර ඇත.
නීතිවිරෝධි ලෙස බෝට්ටු මඟින් පැමිණෙන සරණාගත පුද්ගලයෙකුට කිසිදු අවස්ථාවක සරණාගත තත්ත්වය හිමි නොවන බව දැඩි ව කියා සිටින ඕස්ටේ‍්‍රලියා කොන්සල් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමිල්නාඩුවේ සිටින ලාංකික සරණාගතයින්ට ඔස්ටේ‍්‍රලියාවේ සරණාගත තත්ත්වයට අයැදුම් කළ හැකිවන්නේ ඔවුන් නැවත සිය මව්රටට ගොස් , සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය හරහා පමණක් බවය.
මේ අතර තමිල්නාඩුවේ සිටින ලාංකික සරණාගතයින් පිරිසක් නීතිවිරෝධි ලෙස බෝට්ටු මඟින් නවසීලන්තයට රැගෙන ඒමට උත්සාහ දැරූ මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ගෙන යන බවද දකුණු ඉන්දීය ඕස්ටේ‍්‍රලිය කොන්සල් ජනරාල්වරයා සඳහන් කළ බව හින්දු පුවත්පත කියයි.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 1200ක් මරු කටේ