හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (3) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
රජයේ මුදල් අවභාවිත කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීම් ලෙස හැඳින්වීමට උත්සාහ කරන්නේ පසුගිය කාලයේදී මහජන මුදල් සොරකම් කළ සහ ඉදිරි කාලයේදී මහජන මුදල් සොරකම් කිරීමට බලාපොරොත්තු පාර්ශවයන් බව ද දිසානායක මහතා කීවේය.
රාජපක්ෂ ආණ්ඩුව රට පාලනය කළ කාලය සළකා බැලුවහොත් සැබෑ දේශපාලන පළිගැනීම් මොනවාදැයි බලාගත හැකි බවද ඔහු කීවේය.
මහජන මුදල් වංචා කිරීම හේතුවෙන් එෆ්සීඅයිඩියේ ප්‍රශ්න කිරීමට ලක්විය යුතු මැති ඇමැතිවරුන් එය අහෝසි කළ යුතු යැයි කියමින් සිටින බවද දිසානායක මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හොරුන් ඇල්ලීම පළිගැනීමක් නොවේ‘
භාතිය Wednesday, 03 February 2016 12:52 PM
අනුර ඔබ වෙනුවෙන් එකම අදහසක් වත් නැහැ, ඉතින් ඔබ පරදින එක අහන්නත් දෙයක්ද?(හේ)
විජේවීර Wednesday, 03 February 2016 09:13 AM
මෙන්න මෙයා තීන්දුවත් දීලා දඬුවමත් නියම කරලා අනිත් නඩුත් අහන්න පටන් අරන් (ම)
ලංකා Wednesday, 03 February 2016 01:22 PM
ගෙවල් කොල්ල කාපු හැටි අමතක කරලා අනුන්නට ඇගිල්ල දික්කරනවා ඇගිලි හතරක් තමන්ගේ දිහාවට තියෙන්නේ (බ)
හේමන්ත Wednesday, 03 February 2016 09:19 AM
87,88,89 මිනි මරපු රජයේ දේපොළ විනාශ කරපු අයටත් දඩුවන් දෙන්ඩ ඕන. විදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්නේ බලාගෙන. (බ)
සිසිර Wednesday, 03 February 2016 09:22 AM
මෙයා කියන ඒවා කවුද අනේ ගණන් ගන්නේ (බ)
දිසානායක Wednesday, 03 February 2016 09:51 AM
88 සහ 89 කාලවල පුරුද්දට තමයි හිතන්නේ ඔය බොරුවට පම්පෝරි ගැහුවට කිසිම මිනිහෙක් ගණන් ගන්නේ නැති කෙනෙක් (බ)
නයන Wednesday, 03 February 2016 09:51 AM
අනේ අනුර කුමාර අමතකද ජේවීපී කාලයේ මිනිමැරුව හැටි රජයේ දේපල විනාශ කළහැටි මේවට දඩුවම් දෙන්න ඕනද මහින්ද රාජපක්ෂ ගෙන් පළිගන්න එක අත හැරියනම් හොඳයි (බ)
කලන Wednesday, 03 February 2016 09:52 AM
ඇස ලොකු කරගෙන කියන ඒවා දැන් මිනිස්සු අහන්නේ නැහැ .රතු අලි පැටව් වරෙව්කෝ ඡන්දෙ ඉල්ලගෙන . ගන්නේ කොස්ස (බ)
දහම් Wednesday, 03 February 2016 09:56 AM
පුංචි අම්මව බිරිඳ කර ගැනීම අශීලාචාර කමක් නොවේ. (බ)
සරත් සෞදි Wednesday, 03 February 2016 10:12 AM
හා පළිගැනීමක් නොවේනම් පිළිගැනීමක්ද (බ)
මහින්ද සෞදි Wednesday, 03 February 2016 10:25 AM
මුළු රටම විනාශ කරලා ගෙවල් මංකොල්ල කාපුවා මතක නැද්ද? (බ)
තුසිත Wednesday, 03 February 2016 10:26 AM
මොවුන් රටට කරපු අපරාධය හරියට මැරිලා ඉපදිලා වගෙයි කතාව. (බ)
චතුර Wednesday, 03 February 2016 03:51 PM
අායේ කටට පන ඇවිල්ල වගේ. (බ)
ඉන්දික Wednesday, 03 February 2016 11:10 AM
මෙන්න මේ ටික හින්ද අපිට 88-89 කාලේ විභාහගේවත් කරගන්න බැරි වුණා හරියට. පරණ දේවල් අමතක වෙලා. බොරුවට උඩ බුරුලන නරි රැලක්. (අ)
නන්දලාල් Wednesday, 03 February 2016 11:38 AM
ඔව් ඒ කතාව හරියටම හරි.(හේ)
වසන්ත Thursday, 04 February 2016 04:02 PM
හොරු කියලා වැරැදි නොකරපු අය අල්ලන එකයි වැරැද්ද?(හේ)
යසරත්න Wednesday, 03 February 2016 12:08 PM
බොහොම හරි (නි)
තුසිත Wednesday, 03 February 2016 12:03 PM
අනේ අනේ අපි නොදන්නා කටින් බතල කොළ හිටවීම්.... (නි)
කළුවිතාන Wednesday, 03 February 2016 12:13 PM
රටට, ජනතාවට ඇත්තටම ආදරය කරන යුගයේ ජනතා නායකයා. ජය වේවා! (නි)
රාධා Wednesday, 03 February 2016 09:44 PM
අනුර, ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න දෙයක් නැහැ (නි)
ධම්මි Wednesday, 03 February 2016 12:40 PM
හොරු අල්ලන් ඕනේ සාක්කිත් එක්ක.(හේ)