IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හරිනිගෙ නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ නමින් දිල්ලි හින්දු විද්‍යාලයේ පර්යේෂණ ඒකකයක් නම් කලේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ  හින්දු විද්‍යාලයේ සහ  දිල්ලි විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට ඉන්දීය නිල සංචාරය අතරතුර එක් විය.

එහිදී  විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඇයගේ ජයග්‍රහණ අගයමින්, හින්දු විද්‍යාල පරිශ්‍රයේ "හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය" ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක්  විවෘත කෙරිණි.

අනතුරුව  අග්‍රාමාත්‍යවරිය  ඉගෙන ගත් පන්ති කාමර නැරඹීමට එක් වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ  අධ්‍යයන ගමන මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක් ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්යමණ්ඩලය සමග බෙදා  ගත්තා ය.



අදහස් (4)

හරිනිගෙ නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්

තංගල්ලේ මෙත්-මල් Friday, 17 October 2025 01:36 PM

අපේ අර මහා නීතිඥ තුමා වෙනුවෙනුත් ඉන්දියාවේ හිරගෙදරක වාට්ටුවක් නම්කලොත් නරකද ... කුඩු රැඳවියන් ඉන්න එකක්

:       4       16

PGP Thilak Friday, 17 October 2025 03:17 PM

ලංකාවේ විශ්ව විද්‍යාල වල කලා/ සමාජ විද්‍යා උපාධි පාඨමාලා වලින් නියම දැනුමක් ඇති උගතුන් බිහි නොවන බවට තවත් හොඳ සාක්ෂියක්!

:       8       5

චතුරි Friday, 17 October 2025 06:15 PM

නාකිමයිනා නමින්. දේවාලයක් හදලා දෙන්න. පුලුවන්නම්. බලය තියෙනකම් ඉන්දියාවට බඩ ගෑවා... බලය තියා ගන්න රටේ සල්ලි පුදමින්, දැන් දරුවෝ නලවනවා. කාන්තාවෝ ඉස්සර වගේ ඉබින්න එන්නෙ නැහැලු. ලෝකේ දියුණුවෙලා කියලා...

:       0       0

Bunny Preena Saturday, 18 October 2025 09:52 AM

මෙහෙ විශ්ව විද්‍යාලවලට යන අය ඉගෙන ගන්නවාට​ වඩා කරන්නේ එක්කෝ අහිංසක අය ටිකක් අල්ලලා නවක වදය දෙන එක, එහෙම නැතිනම් රට පාලනය කරන්න යන එක, එහෙමත් නැතිනම් බෝර්ඩ් අල්ලගෙන පාරේ යන එන අනෙකුත් මහජනතාවට පීඩාකාරී විදිහට පාරවල් අවහිර කරගෙන වද දෙන එකයි... කට හොල්ලන එකයි. ඉතින් කොහොමද ඔවුන්ට ඉගෙන ගන්න වෙලාවක් තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site