හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රීට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලා නීතිපති ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන විජිත හේරත් සහ ආර් සම්බන්දන් මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය.
එසේ කළේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
මෙම පෙත්සම සලීම් මර්සුක්, පී ඒ රත්නායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර, රෝහිණී මාරසිංහ යන මහත්ම මහත්මීගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙයි.
පෙත්සම ජුනි 10 වැනි දින මෙම විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලෙස ද නියෝග කැරිණි.
අද පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විජිත හේරත් සහ ආර් සම්බන්දන් මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ මේ පෙත්සම විභායට ගැනීමට අවසර දුන් බව දැනගනු ලැබුවේ ජනමාධ්‍ය මගින් බවත්, සම්බන්දන් මන්ත්‍රීවරයාට නොතීසි නොලැබුණ බවත් විජිත හේරත් මන්ත්‍රීවරයාට පෙත්සමේ ශීර්ෂය පමණක් ලැබුණු බවත්ය.
මේ අනුව පෙත්සම සම්බන්ධයෙන් තමන්ට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී පෙත්සම විභාගයට අවසර ලබා දීම ස්වභාව යුක්ති මූල ධර්මයට පටහැනි බැවින් පෙත්සම විභාගයට ගැනීමට ලබා දුන් නියෝගය අහෝසි කිරීමට නියෝග කරන්නැයි ද ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හේරත්ට සම්බන්දන්ට කරුණු කීමට ඉඩ
හේරත් Wednesday, 29 May 2013 11:08 PM
අධිකරණය දෙකඩ වුනාට අපි දෙන්නා එකතු වුණා. කාටද ආඩම්බර? (නි)
සිල්වා Wednesday, 29 May 2013 11:31 PM
ඒක හොදයි
බබා Thursday, 30 May 2013 03:09 AM
මේ ගැන තිබුණු විශ්වාසයත් මිනිස්සුන්ට නැතිවෙලා දැන් (නි)
හරින් Thursday, 30 May 2013 03:23 AM
මොනවාද මේ වෙන්නේ (දී)
උපාලි Thursday, 30 May 2013 03:40 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. 'දෙපැත්තම අසනු' යන ලොව පිළිගත් අංක එකේ ස්වාභාවික යුක්ති මුලධර්මය කඩකරමින් යුක්තිය පසිඳලිය හැකිද? (නි)
අමිළ-කටුනායක Wednesday, 29 May 2013 07:00 PM
අදිකරණය දෙකඩ වුනා මේ තීරණ නිසා.(නදී)
විජිත Thursday, 30 May 2013 07:10 AM
මට නිකන් පිස්සු වගෙයි
රනිල් Wednesday, 29 May 2013 10:08 PM
අමිල ඔයා අධිකරණ ඇමතිද අධිකරණය දෙකඩ වුනා කියන්න? (නි)
රෝහණ Wednesday, 29 May 2013 10:36 PM
අන්න හොද වැඩක්