
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු තමාගේ හිතවතෙකු බවට සාවද්‍ය ලෙස පවසා ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ නාරහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත සුහුරුපාය පොලිස් මුරපොළේ රාජකාරී යොදවා සිටි කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්වරයා සුහුරෑ පාය පොලිස් මුර පොලේ රාජකාරිය යොඳවා සිටිය දී ඉකුත් 19 වන දින එම ස්ථානයෙන් බැහැරව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පැමිණි බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි අවස්ථාව විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ නිර්දේශ මණ්ඩලය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් තහනමට ලක් කර
ඇත.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරට පාස්පොට් ගන්න ගිය කොස්තාපල්ගේ වැඩතහනම්
sam Monday, 30 December 2024 05:36 AM
හොඳයි, හැබැයි ඕකෙ ඉන්න ලොකු අයත් ඔය ජාවාරම කරනවා.