IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හරක් ආනයනය කරන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස උසස් ආරයේ ගවයන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා 2023 හා 2024 වර්ෂ දෙකෙහිම රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත. 

එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිචාල් හා නිලි රවී වර්ග වලට අයක් ශුක්‍රදායක පුං ගවයන් හත්දෙනෙකු (07) මෙරටට සැපයීමට එකඟතාව පළ කර තිබේ. 

එසේම, පුං ගවයන් ආනයනය කර ගව ශුක්‍ර නිෂ්පාදනය කරන තෙක් සහිචාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයකින් රජයකට ගනු දෙනුවක් ලෙස මිල දී ගැනීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබ ඇත. 

ඒ අනුව, ශ්‍රී ලංකා රජය හා පාකිස්තාන රජය අතර ගනුදෙනුවක් ලෙස සහිවාල් වර්ගයට අයත් පුං ගවයින් පස් දෙනෙකු (05) හා නිලි රවී වර්ගයට අයත් පුං ගවයන් දෙදෙනෙකු (02) මිල දී ගැනීමටත්, සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයන් අතර ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (6)

හරක් ආනයනය කරන්න කැබිනට් අනුමැතිය

Kamjay Thursday, 19 December 2024 11:59 AM

රවි කියන්නේ මී හරක් වර්ගයක්...

:       0       0

යෝගා Thursday, 19 December 2024 12:13 PM

උපාධි තියෙන එවුන් නම් පොඩි ගැම්මක් තියෙනවා නේ?

:       0       1

ජනරළ Thursday, 19 December 2024 12:30 PM

විශාල මිලක් ගෙවලා හරක් ගෙනල්ලා තියාගෙන නඩත්තු කරනවට වැඩිය හොඳ නැද්ද කෙලින්ම උසස් තත්වයේ ශුක්‍ර ගෙනවිත් දේශීය දෙනුන්ට දෙමුහුම් කිරීම? මොකද අපි රටේ ධනය ඉතා ප්‍රවේශමෙන් වියදත්ම් කළ යුතුව ඇති නිසාත් සංක්‍රමණික සතුන්ගෙන් සිදුවිය හැකි විවිධ රෝග බෝවීම වැළැක්විය යුතු නිසාත් යන කාරනා නිසා.

:       1       4

wedage Thursday, 19 December 2024 01:26 PM

හැරිසන් මෙන්න ඔබටත් අවස්ථාවක්.

:       0       4

කුකුල් චමින්ද Thursday, 19 December 2024 04:23 PM

රට කාපු දේශපාලන හැතිකරේටයි, අතලොස්සක් රාජ්‍ය නිලධාරීන්ටයි, මේ දෙගොල්ලොටම කඩේ යන බත්කන ගවයින්ටත් පුං ගව ශුක්‍ර වඩිය ගානේ දෙන්න ඕන.

:       2       4

Perera Thursday, 19 December 2024 04:35 PM

ආයෙමත් පාරක්... අවුරුද්දක් ගියාට පස්සේ බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාම ජනපති හමුවෙයි
2025 මැයි මස 05 60 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබී


ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා
2025 මැයි මස 05 131 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


ඌව පළාත් ප්‍රධාන ලේකම්ට ඇප
2025 මැයි මස 05 298 1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධ


දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි
2025 මැයි මස 05 702 0

සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දි


රිය අනතුරින් අයෙක් මරුට: අයෙක් රෝහලට
2025 මැයි මස 05 585 2

අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදි


උතුරෙන් හමුවූ රන් බඩු ගැන විමර්ශන නියෝගයක්
2025 මැයි මස 05 631 3

මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 695 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1216 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site