(කේ බුද්ධික කුමාරසිරි)
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රි රෝද රථවල නැගී ගොස් ත්‍රි රෝද රථ රියදුරුගේ ගෙළට තියුණු ආයුධයක් තබා බියකර එම ත්‍රි රෝද රථ කොල්ලකෑමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු කොල්ලකෑ ත්‍රිෙරා්ද රථ තුනක් සමගින් අද (20) දින කඩුවෙල වැලිවිට දී අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.
කුලී ගමන් යන මුවාවෙන් සැකකාර සහෝදරයන් තිදෙනාම ගොස් ඔරැගොඩවත්ත බියගම සහ කඩවත ප්‍රෙද්ශ වලින් මෙම ත්‍රි රෝද තුනෙහි නැග කඩුවෙල වෙලේ හන්දිය පාළු ප්‍ර දේශයකට රැගෙනවිත් රියදුරු බියකර කොල්ල කා ඇතැයි ද පොලිසිය පවසයි.
කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග පොලිස් කොස්තාපල්වරුන් වන 72619 කුමාර 82128 කපිල 82601 වනසිංහ 93373 කොඩිතුවක්කු 93839 සමිත 94118 අබේකෝන් 102620 හේරත් 103558 සදරැවන් යන නිළධාරීහු පරීක්ෂණ පවත්වති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හයර් යන මුවාවෙන් ත්‍රීවීල් කොල්ල කෑ අයියා මලෝ තුනක් දැලේ