IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘හුඹස් බියක් එපා‘

ඉදිරි අය වැය යෝජනාවලියෙන් ගෙන ඒමට යෝජිත ‘ජාතික විශ්‍රාම පරිතොෂික අරමුදල‘ ගැන විපක්ෂය අනිසි බියක් මහජනතාව අතර අති කරන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

‘අපි මේ ආයතනයට විශේෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලය යටත් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. තාම සංකල්පයක් විතරයි. කෙටුම්පත සකස්කර නෑ. මේ අරමුදල සුපරික්ෂා කිරීමේ සම්පූර්ණ වගකීම මහජන ධන භාරයට පැවරෙනවා. ඒ නිසා මේ ගැන කිසිම බයක් වෙන්න ඕනෑ නැහැ. ආණ්ඩු වෙනස් වුණාට, පුද්ගලයන් වෙනස් වුණාට මේ අරමුදලට හානියක් වෙන්නේ නැහැ.‘

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන සහ මහින්ද සමරසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.‘

RDS_4940 RDS_4998 RDS_5016

 

(ජායාරූප හා විඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

‘හුඹස් බියක් එපා‘

ප්‍රසන්න Tuesday, 10 November 2015 06:09 AM

අපි මේ රටේ ජනතාව හැටියට සිදුවෙන දේවල් දන්නවා.මෙම ආණ්ඩුව සැරසෙන්නේ මුල්‍ය අර්බුදයෙන් ගොඩ එන්න අර්ථසාදකයට වැඩේ දෙන්න ඔය විදියටද ආර්ථිකය ගොඩ ගන්න යන්නේ. (ම)

:       0       0

උපුල් Monday, 09 November 2015 11:10 AM

ආණ්ඩුව පරිහානිය කරා ගමන් කරන හැරවුම් ලක්ෂය (ම)

:       0       0

නිමල් Monday, 09 November 2015 11:14 AM

ඇග හීතල වෙනවා අපේ .. අපි අවුරුදු ගානක් දුක් විදලා ගන්න බල ඉන්න මුදල අපිට නැති වෙලා සොච්චම් විශ්‍රාම මුදලක් විතරක් ලැබෙයිද දන්නැ (ම)

:       0       0

දිසානායක Monday, 09 November 2015 11:31 AM

හරියට හරි උපුල් මතකද ලොකුගේ කියල කෙනෙකුත් මේවගේ කරන්න ගිහිලා ඇනෙන ගත්තා (අ)

:       0       0

හිමායා Tuesday, 10 November 2015 07:12 AM

බලමු ඉස්සරහට... (ර)

:       0       0

රනිල් වික්‍රම Monday, 09 November 2015 12:00 PM

අනේ මහත්තයෝ, අපි හම්බකරපු දේ අපිම රැකගන්නම්, බොහොම ස්තුති, අපේ අන්තිම තුරුම්පුවටත් විදින්න නම් ලැස්ති වෙන්න එපා! (අ)

:       0       0

සේන Monday, 09 November 2015 12:12 PM

ඒ සැරේ මේ මොකක්ද වෙන්න යන්නේ? මෙහෙම එකක් ඡන්ද පොරොන්දු වල තිබුණේ නැහැනේ. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 09 November 2015 12:30 PM

මේ කටින්ම තමයි මෙයාලා කිව්වේ ඡන්දෙ කාලේ පිටරට රැකියා කරන සෑම කෙනෙකුටම විශ්‍රාම වැටුපක් දෙනවා කියලා දිනපු ගමන්. බොරුවට වැඩි ආයුෂ නැහැ මහත්වරුනේ. මිනිස්සු එක සැරයයි වළේ වැටෙන්නේ. (නි)

:       0       0

චාමි Monday, 09 November 2015 01:25 PM

අනේ මම අවුරුදු 55 වෙනතුරු ඉන්නේ අර්ථසාධකේ ගන්න. ඒකත් නැතිවෙයිද දන්නෙ නැහැ. එහෙම වුණොත් අනේ මගේ සල්ලි දෙයියනේ! (නි)

:       0       0

සෙනරත් Monday, 09 November 2015 01:28 PM

මතකනේ ගිය ආණ්ඩුවෙනුත් උත්සාහ කළා. එකම දෙය අලුත් ක්‍රමයකට වෙන එකයි එකම වෙනස. අපි ප්‍රවේශම් වෙන්න ඕනෑ. (නි)

:       0       0

සැන්ඩ්‍රා Monday, 09 November 2015 02:01 PM

ගිය ආණ්ඩුව වගේම, පරණ කතාවමයි නැවතත් එළියට එන්නේ. අවුරුදු 55 වෙනතුරු බලාඉඳලා එකවර ලැබෙන්නට තිබෙන ප්‍රතිලාබයත් නැතිකරන්නද මේ කැසකවන්නේ? (නි)

:       0       0

නිලුපුල් Monday, 09 November 2015 02:06 PM

අනේ අපිට නම් කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

නුවන් Monday, 09 November 2015 02:27 PM

අද කාලේ ජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)

:       0       0

ඇසළ Monday, 09 November 2015 02:47 PM

ලාල්කාන්ත මේකට කොහොම හරි උත්ඝෝෂණයක් මෙහෙයවයි. බලාපොරොත්තුව වෙන්නේ බිල්ලක් පක්ෂයේ සහ තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගන්න. (අ)

:       0       0

චාමි Monday, 09 November 2015 03:07 PM

කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු. මොනවා කරනද? අපිනේ උඩ පැනගෙන ගිහින් දුන්නේ. දැන් ඉතින් යහපාලනය කරන හැටි බලාඉන්න තමා තියෙන්නේ (නි)

:       0       0

ජයන්ත Monday, 09 November 2015 04:50 PM

අනේ අපි දැන් ඕවා ගැන එච්චර හිතන්න යන්නේ නැහැ (නි)

:       0       0

මුණසිංහ Wednesday, 11 November 2015 10:31 AM

මේ යුඇන්පී කාරයින්ට විශ්‍රාම කියන වචනය පෙන්නන්න බෑ. අපිට මතකයි 2002 දී විශ්‍රාම වැටුපට කෙලින්න අපු හැටි. ඉති බය නොවී පුලුවන්ද? (ම)

:       0       0

විජිත් Monday, 09 November 2015 05:42 PM

අපි බලාගෙන ඉමුකො මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

විදූර Monday, 09 November 2015 07:03 PM

අද රටේ මිනිස්සු යමක් කී පමණින් පිළිගන්නේ නැහැ (නි)

:       0       0

ආරියසේන Monday, 09 November 2015 10:29 PM

කාත ඇති. දැන් වැඩයි අවශ්‍ය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site