’‘මට ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න’’ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ‘මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී අද (23) පෙරවරුවේ එළිදක්වමින් පැවසීය.
එහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් සර්වාගමික නායකයින් වෙත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිගන්වනු ලැබීය.
ආර්ථිකය දියුණු කිරීමේ, දූෂණය මුලිනුපුටා දැමීමේ, නිදහස තහවුරු කිරීමේ, යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමේ, අධ්‍යාපනය ඉහළ නැංවීමේ ක‍්‍රියාවලීන් යන පංච විධ ක‍්‍රියාවලිය යටතේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කර තිබේ.
‘මට ඕනෑ මගේ අනාගතය තහවුරු කරගන්න නෙවෙයි. ඔබ සියලූ දෙනාගේම අනාගතය තහවුරු කළ දාට මගේ අනාගතය තහවුරු වෙනවා. ජනවාරි 8 වැනිදා විප්ලවය, දින 100 වැඩපිළිවෙල තහවුරු කරගෙන ඉදිරියට යාම සඳහා වන විප්ලවය ආරම්භකිරීම සඳහා අගෝස්තු 17 වැනිදාට එක්සත් ජාතික පෙරමුණට ඡන්දය ලබාදෙන්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මට ඕනෑ රජ මාළිගාවක් හදන්න නෙවෙයි. ඔබ සියලූ දෙනාගේම නිවස, ගෙවත්ත, කුඹුර ඔබේ රාජධානිය බවට පත්කරන්න‘ යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ඇමති කබීර් හෂීම්, ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මනෝ ගනේෂන් යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.
http://www.unp.lk/
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හැම පවුලක්ම රජ කරවීම මගේ වෑයමයි‘
කපිල Friday, 24 July 2015 03:00 AM
කොච්චර හොඳ පරමාර්ථයක්ද? ජයවේවා! (නි)
පිවිතුරු යහපාල Thursday, 23 July 2015 12:13 PM
අවසානයේ පාටලී චම්පික නැවතුන තැන.(ර)