
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පෞද්ගලික අංශය සමඟ එක්ව එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ එම ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල් යොදා නොගන්නා බවයි. අසංවිධිත නාගරික සංවර්ධනය රටක සංවර්ධනයට සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කරන බැවින් රටේ සියලුම නගර කඩිනමින් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ බාරදූර වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ දැයක් නගන සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය - 2021/2020 වැඩසටහනට සහභාගී වී ජයග්‍රහණය ලැබු නිලධාරීන් ඇගයීම හා ජයග්‍රාහී නාගරික ව්‍යාපෘතිවලට සම්මාන පුද කිරීමේ අවස්ථාවට අද (28) සහභාගී වෙමිනි. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් අනුව රට පුරා විසිරී ඇති අඩු පහසුකම් සහිත නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින්, එම නගර ක්‍රමවත් ලෙස අලංකාර කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් 2020 වසරේදී මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැම දිස්ත්‍රික්කයකම එක නගරයක් ලස්සන කරයි