පවතින දැඩි ඉඩෝරය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා වැව් සහ කැළයේ වතුර වළවල් සිඳී යෑම නිසා වනයේ සතුන් දැඩි පීඩාවට පත්වී ඇතැයි හම්බන්තොට වනජීවී කාර්යාලයයේ අඩවි ආරක්ෂක නිලධාරී එඩ්ලිව් එම් ඒ ගුණතුංග මහතා පැවසීය.
වල් අලින්, මුවන්, හාවුන්, මීමින්නන් ඇතුළු සතුන් ජලය සොයා යද්දී දඩයම්කරුවන්ගේ ග්‍රහණයට පවා හසුවන බව ඔහු කීවේය.
සිඳී ගිය තම්මැන්නා වැව බවුසර් මගින් හාරමින් සතුන් ජලය සපයා දීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
හම්බන්තොට කුඩා වැව් හිඳිලා : සතුන්ට බොන්න වතුරත් නැතිලු
අසින්ත Thursday, 08 September 2016 02:55 PM
ඔයාලා කරන්නේ ලොකු පිනක්. බොහොම පින් ඔයාලට මේ අහිංසක සත්තුන්ගේ ජීවිත බේරනවට.(හේ)
සිරිල් Thursday, 08 September 2016 11:55 AM
එ්කත් මහින්ද ගේ වැඩක් කියයි ද ? (බ)
චන්ද්‍රා වීරසිංහ Friday, 09 September 2016 02:59 AM
නියඟයට පිළියමක් වශයෙන් කැලේ ඇතුළට වන්න කුඩා ජලාශ කිහිපයක් ඇති කළොත් හොඳ නැද්ද?වනජීවී දෙපාර්තමේන්තුවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මේවා සහයෝගෙන් අමාත්‍යංශ ඔස්සේ කරනවානම් පුළුවන් ඇතිනේ.පත්තර බලන සොක්කන් වන අපිට හිතුනත් රට කරවන නිලමෙලට පයිසෙකට වත් මේවා ගණන් නැතිව ඇති නේද ? (බ)
පිටබැද්දර ජයා Friday, 09 September 2016 03:33 AM
සංචාරකයනේගෙන් අය කරන මුදල් වලින් බැරිද මේ වැවක් දෙකක් ප්‍රතිසංස්කරණය කරලා ගොඩ දාගන්න (ම)
ඉසුරන්දි Thursday, 08 September 2016 01:15 PM
අනේ පවු මේ අසරණ සත්තු. ගහක් කොලක් වවලා මේ ක්ෂේම භුමි සශ්‍රික කරනවානම් කොච්චර වටිනවද? (බ)