IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිමිනම පුංචි පන්සලෙන් ලොකු වැඩක් කරති

කොළඹ 10, අධිකරණ මාවතේ පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ නාරද පදනම සමාජ සත්කාර්යයන් රැසක් සිදුකරන පුණ්‍යායතනයකි.

එහි නිර්මාතෘ කොළොන්නාවේ නාරද හිමි සිසුන් සිය ගණනකට උගන්වයි. එහි වැඩි දෙනා ස්වේච්ඡා ගුරුවරුය.

සවස් කාලයේ දරුවන් වෙනුවෙන් අමතර පංති පවත්වන උන්වහන්සේ ඒ වෙනුවෙන් විහාරස්ථානයේ පංති කාමර කිහිපයක්ද පිහිටුවා ඇත. අඩු ආදායම් ලාභී සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නාරද පදනම මාසිකව ශිෂ්‍යත්ව ද පිරිනමයි.

‘මාස්ටර් මයින්ඩ්‘ නමැති පරිගණක පාසල හරහා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ ඥානය දියුණු කිරීමේ වැඩසටහනක්ද  නාරද පදනමෙන් ක්‍රියාත්මකය.

වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන් ඇතුළු සමාජ සේවා වැඩසටහන් එහි ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව නාරද පදනම චෙස් ක්‍රීඩාව හා අත්කම් පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.

Naradafund_20151262 Naradafund_20151263 Naradafund_20151264 Naradafund_20151266 Naradafund_20151267 Naradafund_20151268 Naradafund_20151269 Naradafund_201512610 Naradafund_201512610jpg Naradafund_201512611 Naradafund_201512612g

Naradafund_201512611pg Naradafund_201512614



අදහස් (0)

හිමිනම පුංචි පන්සලෙන් ලොකු වැඩක් කරති

ප්‍රියාන් වීරකෝන් Sunday, 06 December 2015 03:39 PM

පුංචි ඉඩකට ලොකු මෙහෙවරක් ඔබට පිං හාමුදුරුවනේ (බ)

:       0       0

ශ්‍රියානි Sunday, 06 December 2015 04:41 PM

අගය කළයුතු ක්‍රියාවක්. දරුවන්ගේ ඇස් පාදන එක ලොකු පින්කමක්. ඔබ වහන්සේට බොහොම පින්. (නි)

:       0       0

සමන්ත Sunday, 06 December 2015 05:33 PM

මේ කඩවත උපනන්ද හාමුදුරුවන් වැඩ සිටි පන්සලද? උන් වහන්සේත් මේ වගේම අන් අයට උදවුකළා (නි)

:       0       0

සමන් - ඕස්ට්‍රේලියා Monday, 07 December 2015 01:27 AM

මටත් ආසයි ලංකාවට ආ දවසක බලන්න යන්න. හොඳ වැඩක්. (නි)

:       0       0

රතන Sunday, 06 December 2015 10:49 AM

හිස් බොරු වැඩ කරන මෙවැනි දේශයක ඔබවහන්සේ කරන්නාවූ මේ දෙය දේශයට අභිමානයක් ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් දළඳා සමිදු පිහිටයි (බ)

:       0       0

ඉමේෂ් Sunday, 06 December 2015 10:59 AM

මෙහෙම දේවල් රටේ අනිත් පැතිවලත් කරනවානම් සිංහල ජාතිය අභාවයට යන එක ගැන පම්පෝරි ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රණ්ඩු කරනවට වඩා කරන්න ඕනේ මේවගේ දේවල්. (බ)

:       0       0

ඕමාර් අබ්දුල්ලා Monday, 07 December 2015 04:51 AM

බොහොම හොඳ වැඩක් අසූහාරදහසේ පහන් පූජාවට වැඩිය (බ)

:       0       0

මනෝජ් විජේරත්න Sunday, 06 December 2015 11:13 AM

ප්‍රතිපාදන නැහැ කිය කියා ගමට රටට වැඩක් නොකර තමන්ගේ බඩ වියත ගැන විතරක් හිතන දේශපාලුවන්ට හොඳ පාඩමක් (බ)

:       0       0

චමල් Monday, 07 December 2015 05:24 AM

ගමේ මිනිස්සුන්ගෙන් සල්ලිම එකතු කර කර පන්සල තරු පහේ හෝටලයක් කරන්න දඟලන බොහෝ හාමුදුරුවරු අතරේ මේ වගේ පුවතක් අහන්න ලැබීමත් පිනක් (හේ)

:       0       0

මනෝජ් ප්‍රසංග Monday, 07 December 2015 05:51 AM

ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා.(හේ)

:       0       0

ටෙහාන් Sunday, 06 December 2015 12:15 PM

මේ ප්‍රදේශයේ ජීවත් වෙන පොඩි පැටව් ටික යහමග ගෙනියන ඔබවහන්සේ කරගන්නාවූ මේ මහා පිනක්. (බ)

:       0       0

රත්න Sunday, 06 December 2015 02:12 PM

ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site