IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හමුදා උසාවියට මාධ්‍යවේදීන් කැඳවීමට විරෝධය

පසුගිය අගෝස්තු 01 වැනි දා පිරිසිදු ජලය ඉල්ලමින්  වැලිවේරිය - රතුප්සවල පැවැති ජනතා උද්ඝෝෂණයට සහ එය වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන්ට යුද හමුදාව විසින් අමානුෂික ලෙස වෙඩි තබා ප්‍රහාර එල්ල කොට පාසල් ශිෂ්‍යයින් දෙදෙනකු ඇතුළු නිරායුද වැසියන් තිදෙනෙකු ඝාතනය කොට තිබියදී ආණ්ඩුව සහ හමුදාව තෙවැනි පාර්ශවයක් වෙත ‍චෝදනා එල්ල කරමින් ජනසමාජය නොමග යවතියි ජනමාධ්‍ය සංවිධාන හතක් නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ජනමාධ්‍ය සංවිධාන එකතුව වෙනුවෙන් ධර්මසිරි ලංකාපේලි මහතා නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය එම සංවිධාන හතයි.

‘ආණ්ඩුව එසේ කිසිදු වගකිවයුතු සාධාරණ පරීක්ෂණයක් සිදුනොකර කල් මරමින් සිටියදී මේ සම්බන්ධයෙන් සාක්කි ලබාදෙන ලෙස හමුදාව අභ්‍යන්තරයේ පැවැත්වෙන යුද හමුදා පරීක්ෂණ උසාවියක් වෙත ජනමාධ්‍යවේදීන් කැඳවීම ශ්‍රී  ලාංකික ජනසමාජය මිලිටරිකරණයට ලක්කිරි‍මේ තවත් බරපතල නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බව අපගේ නිරීක්ෂණයයි. ‘

‘එන්.ජේ.සී. ඩයස් නැමැති ‍මේජර් ජනරාල්වරයකුගේ අත්සනින් යුතුව සාක්කිකරුවෙකු වෙත යවන සිතාසිය යනුවෙන් නම් කළ ලිපියක් මගින් සිවිල් පුරවැසියන් වන ජනමාධ්‍යවේදීන් මෙලෙස හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට අ‍පගේ විරෝධතාවය තරයේ පළකරන අතර එලෙස සිවිල් පුද්ගලයින් වන ජනමාධ්‍යවේදීන් හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට බලය ඇත්තේ කවර නීතියක් යටතේදැයි අපි අදාළ බලධාරින්ගෙන් ප්‍රශ්න කරන්නෙමු. ‘

‘එහෙයින් ආණ්ඩුවට අපි බලකර සිටින්නේ මෙලෙස ජන සමා‍ජය නොමග යවමින් බොරු රඟපෑම් නොකොට වහාම මේ පිළිබඳව සාධාරණ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. ‘



අදහස් (0)

හමුදා උසාවියට මාධ්‍යවේදීන් කැඳවීමට විරෝධය

රන්ජිත් Monday, 19 August 2013 09:43 AM

මේ වගේ දේවල් වලට හොද ජාත්‍යන්තර පරික්ෂණ තමා (නි)

:       0       0

කුමාර Monday, 19 August 2013 10:02 AM

බන්දුල (දම්මික)පෙරෙරා ඔබ සාපයට ලක්වූ කෙනෙක් (ස)

:       0       0

ආරි Monday, 19 August 2013 10:12 AM

හමුදාවේ සෙබළුන් ගැන අභන්තර පරීක්ෂණයක් තියන කොට පුද්ගලයින් කැදවා සාක්ෂි ලබා ගන්න බැරිද? මාධ්‍ය වේදීන් වෙනම කොට්ඨාශයක්ද? (ස)

:       0       0

ලුම්බිණි Sunday, 18 August 2013 02:19 PM

මේ නමේ අගට තියෙන අනික් අකුරු දන්නා කෙනෙක් කවුරු හරි ඉන්නවද? අනික මොකද්ද යුද හමුදා මුලික පරීක්ෂණ උසාවිය කියන්නේ? (නි)

:       0       0

රෙමා Sunday, 18 August 2013 03:30 PM

ඇයි සාක්කි දෙන්න බැරි? (නි)

:       0       0

ශානි Sunday, 18 August 2013 03:30 PM

ඔය පටන්ගත්තා පමණි (නි)

:       0       0

දිසානායක Sunday, 18 August 2013 03:43 PM

අගතියට පත් පාර්ශවයට දඬුවම් ලබා දීමේ නව ප්‍රවණතාවයක් මේක. (නි)

:       0       0

දිසානායක Sunday, 18 August 2013 04:01 PM

පුදුම ආශ්චර්යක් මේක. (නි)

:       0       0

සත්‍ය Monday, 19 August 2013 06:08 AM

හැබැයි හැමදේම දවසක පාරා වළල්ලක් වෙලා මේ ගොල්ලන්ටම කැරකිලා එනවා. ජනතාවට පාඩම් උගන්නන්න ගිය හැමෝම ඉතිහාසය තුළ හොඳ හොඳ පාඩම් ඉගෙන ගෙන තියෙනවා. (නි)

:       0       0

උපාලි Monday, 19 August 2013 06:15 AM

මේක ලත් තැන ලොප් විය යුතු භයානක ප්‍රවණතාවක්. ජන මාධ්‍යවේදීන් සහ සිවිල් ජනතාව 'යුද හමුදා උසාවියකට' කැඳවීම මොනම තත්වයක් යටතේවත් සිදු නොවිය යුත්තක්. රජය මේ ගැන පැහැදිලි කිරීමක් නොකළොත් ප්‍රතිපල රජයටම අවාසියට හිටියි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 18 August 2013 05:00 PM

මේ කවුරු කවුරුත් ලංකාවේ මිනිස්සු හොදට අදුනනවා. (නි)

:       0       0

ද සිල්වා Monday, 19 August 2013 02:11 PM

මෙහෙම ගියොත් ළඟදීම ජිනිවා යන්න වෙන්නේ සිංහල අපිටයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 August 2013 05:47 PM

බන්දුල , ඔන්න හමුදාවේ තවත් ප්‍රතිපලයක්. දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

දසුනි Sunday, 18 August 2013 06:13 PM

එයාලා ගැන තියන වැරදි ආකල්පය වෙනස් කර ගන්න කියලා කිවුවේ,මේවා එවන්න වෙන්න ඇති. (නි)

:       0       0

චමින්ද Monday, 19 August 2013 08:25 AM

මේ සිදුවීම් වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියන දේවල් ඔප්පු වීමයි සිද්ධ වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site