IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හමුදාවේ සියකගේ කට උත්තර අරන්

පිරිසිදු වතුර ඉල්ලා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී සිදු වු  ගැටුමෙන්  තිදෙනකු මිය ගොස් හතලිස් තුන්දෙනකු තුවාල ලැබී යැයි කොළඹ අපරාධ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරි ජී ආර් එල්  රණවීර මහතා ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඉදිරයේ සාක්කි දෙමින් කියා සිටියේය.

 සාමාන්‍ය වැසියන් සිය දෙනකුගේද යුද හමුදා භටයන් සිය දෙනකුගේද සාක්කි සටහන් කැර ගත් බවත් හමුදාවට අයකතු අනු තුන්දෙනකුගේ අවි 93 ක් රස පරික්ෂක වෙත යොමු කළ බවත් ඔහු කිවේය.

විද්‍යුත් මාධ්‍ය  වීඩියෝ ඡායාරූප මගින් සැකකරුවන්  හදුනාගැනීමට උත්සාහ ගන්නා බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

හමුදාවේ සියකගේ කට උත්තර අරන්

රෝහණ Thursday, 08 August 2013 03:23 PM

අලුතෙන් කට උත්තර ගන්න දෙයක් නැහැ. රූපවාහිනි නාලිකාවකින් රෑ10 ට පෙන්නුවා මුහුණු සහ කට හඩවල් ඇතුව සියළුම දේ. ආන්න ඒක බලන්න කියන්න පොලිසියට. (නි)

:       0       0

සුමිත් Thursday, 08 August 2013 03:24 PM

අපට ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පතන්න වේවිද මන්දා. හැමදාම ජනතාව රවට්ටන්න බැහැ. (නි)

:       0       0

මාලි Thursday, 08 August 2013 03:44 PM

කවුද මේ හමුදාව එදා පාලනය කළේ? (නි)

:       0       0

කීර්ති Thursday, 08 August 2013 04:35 PM

පිටබැද්දර ජයා, හමුදාව ක්‍රිය කරන්නේ ඉහළින් ලැබෙන නියෝග අනුව. (නි)

:       0       0

දම්මික Thursday, 08 August 2013 11:32 AM

වීඩියෝ කරන්න දුන්නේ නෑ නේ කැමරා කුඩු කෙරුවානේ අලුතින් කැමරා දෙනවා කිව්වනේ (දී)

:       0       0

වරුණ Thursday, 08 August 2013 11:35 AM

ඉතින් මාද්‍යවේදීන්ට ගහල කැමරා කුඩුකරා කිව්වනේ කොහොමද හොයන්නේ? (දී)

:       0       0

දයා Thursday, 08 August 2013 04:54 PM

හමුදාවට හැමෝම බනින්නේ ජනතාව හරි අහිංසකයි වගේනේ. හමුදාවට බැනලා පවු පුරවා ගන්න එපා (නි)

:       0       0

කමල් Thursday, 08 August 2013 11:58 AM

එතකොට කෝ තුන්වැනි පාර්ශවය, නඩුකාරතුමාට බොරු කියන්න එපා! (දී)

:       0       0

රොෂාන් Thursday, 08 August 2013 05:03 PM

අහිංසක මිනිස්සු මරල මෙයාල මොනවද බලාපොරොත්තු වුණේ (අ)

:       0       0

රණතුංග Thursday, 08 August 2013 12:03 PM

සිද්දිය කල අයගෙන් ම අහන එක හොදයි (දී)

:       0       0

දම් Thursday, 08 August 2013 12:11 PM

ඕකත් හමස් පෙට්ටියට.නිගමනයක් නැති පරීක්ෂන කීයක් නම් පෙට්ටියේ ඇතිද? (දී)

:       0       0

සේපාල Thursday, 08 August 2013 12:15 PM

නිකන් ලෝකයා හිනස්සන වැඩ කරන්න එපා (දී)

:       0       0

බණ්ඩාර Thursday, 08 August 2013 12:22 PM

අරන් මොනවා කරන්නද (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 08 August 2013 12:31 PM

කට උත්තර ගත්තාම ඔක්කොම හරිද (දී)

:       0       0

සත්‍ය Thursday, 08 August 2013 12:38 PM

මුලින්ම ප්‍රහාරය අල්ල කරලා තියෙන්නේ විදුලි ලාම්පු වලට.එන්න පස්සේ මාද්‍ය වේදීන්ට .එන්න පසුව කැමරා වලට.ඊට පස්සේ තමයි අසරණ මින්ස් සංහාරය පටන් අරන් තියෙන්නේ.දැනට නාමිකව 3 දෙනකගේ අවමගුල සිදු කලත් 7 දෙනෙකුගේ හදුනා ගත නොහැකි මල සිරුරු වතුරේ පාවෙලා ගොඩට ගහල තියෙනවා.තව දැඩිසත්කාර ඒකකයේ පන අදින කට්ටියත් ඉන්නවා (දී)

:       0       0

මාලක Thursday, 08 August 2013 12:40 PM

බොරු වැඩ

:       0       0

පිටිගල Thursday, 08 August 2013 12:41 PM

ඕක තව සති දෙක තුනකින් කාටත් අමතක වේවි. එතකල් ඔය මොනවා හරි කරනවා.(දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 08 August 2013 06:27 PM

කට්ටිය ඩුප්ලිකේට් බන්දුල පෙරේරා කෙනෙක් හදලා තමන්ගේ මතය ප්‍රකාශ කර ගන්නවා..ආසාවනේ..කමක් නැහැ. (නි)

:       0       0

ගිම්හානි Thursday, 08 August 2013 01:01 PM

ඔබ හරි සත්‍ය. ඔවුන්ට කවදාම හරි මේවා පොලියත් සමග ගෙවන්න වේවි. අන්න එදාට ඔවුන්ටත් වේදනාව දැනේවි (නි)

:       0       0

දිසානායක Thursday, 08 August 2013 01:05 PM

පරීක්ෂණ පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැත. (නි)

:       0       0

සරත් අතාවුද Thursday, 08 August 2013 01:24 PM

දැන් ප්‍රශ්න කරලා හරියනවද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 08 August 2013 01:29 PM

හමුදාව ක්‍රියාකළ ආකාරය වැරදි බව මා පිළිගන්නවා. මට බනින්න එපා. මම දහයේ පන්තියට ඉගෙනගත් බුද්ධිමතෙක් (නි)

:       0       0

දිසානායක Thursday, 08 August 2013 02:03 PM

ලෝකයේ අහිංසකම හමුදාව නිසොල්මනේ බලා හිදිද්දී තෙවන පාර්ශවයක් ලෙස පිට සක්වලින් පැමිණි ඒලියන්වරු දැඩි ප්‍රහාර එල්ල කර ඇත. (නි)

:       0       0

කරු Thursday, 08 August 2013 02:05 PM

කවදාවත් මේවා සිදුනොවෙන නිසා හිනාවෙන්න කියන කතන්දර වගෙයිනේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 08 August 2013 02:14 PM

මේ මුකුත් පරීක්ෂණ වුවමන නැහැ. මේ නිරායුධ මිනිසුන් ඝාතනය කරන්න අණ දුන්න , හමුදාව එවපු අයව දන්නවනේ. බොන්න පිරිසිඳු වතුර උගුරක් ඉල්ලු වරදට මේ තරම් දෙයක් කළා නම් මෙයාලා අ‍රහේ මොන සෙල්ලම් දාන්න ඇද්ද? මේ අයට නේද අපි බෝධි පුජා තිබ්බේ? මේ අයට නේද අපි අපේ රුධිරය පුජා කළේ? මේ අයට නේද ගෙදර තිබුන සබන් කෑල්ලේ ඉඳලා එකතු කරලා සම්මාදම් කළේ? ඒකේ පාපයද මේ අපි දැන් විඳවන්නේ ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 08 August 2013 02:32 PM

සත්‍ය මහත්තයෝ,ඔය ඇත්තම නමද? කව්ද අප්පා ඔය නම දැම්මේ? අනේ මහත්තයෝ,ඔබතුමාට ගැළපෙනම කෙනෙක් ඉන්නවා එක්තරා පක්ෂයකට රිංගල හිටපු පක්ෂයෙන් එළවපු. ඔයත් එයගේ පච බලකායට නියමයි.ඕවා කියන්න මල්ලි කොන්ඩෙ බැදපු චීන්නුන්ට. (නි)

:       0       0

මාලක Thursday, 08 August 2013 02:32 PM

මේ ජීවිත බිලිගත්තේ වතුර ඉල්ලුවාම.බොන වතුර. කාවද ආරක්ෂා කරන්නේ.කවුද ආරක්ෂාවට ආවේ. හමුදාවේ කොල්ලනි, කවදාහරි විදවන්නේ නුඹලා බව මතක් තියාගන්න. නැතුව දේශපාලකයෝ නොවෙයි. (නි)

:       0       0

මාලක සිල්වා Thursday, 08 August 2013 02:40 PM

ලබන සැරෙත් කතිරය ගහමු (නි)

:       0       0

විජේසින්ග්හේ Thursday, 08 August 2013 02:50 PM

අර තෙවැනි පාර්ශවයක් වෙඩි තියනවා දුටු කෙනාගෙන් කට උත්තරයක් ගන්නෙ නැද්ද? (නි)

:       0       0

තුෂාර Thursday, 08 August 2013 02:55 PM

ඔය වන්දි ගෙවනවා කියන්නේ? ඒ මුදල් කොහෙන්ද? කාගේ දේවල්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site